Chapter 3

535 76 57
                                    

Previous Chapter...

මහානාම සර් මාව දාලා ඇදෙන් නැගිටලා බාත්රූම් එකට යන්න යද්දි ඇද උඩ උන්න මං ඇස් දෙක පියාගෙන එක මොහොතකට ආයෙමත් මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම කණපිට ගැහුන ඒ දවස මතක් කළා.

****************************

Two Years Ago

"අහස් පුතේ ඔයා අර වැඩේ ගැන තව ටිකක් හිතලා බැලුවේ නැද්ද?"

"ඒ ගැන හිතලා වැඩක් නෑ මිස්,මං ඕවලට ගියොතින් අම්මව බලාගන්නේ කවුද?ඒ ඇරත් scholarship එකක් හම්බුනේ university එකට යන්න විතරයි.එතනින් එහාට මේ තියෙන රස්සාවත් නැති කරන් ඕවලට ගිහින් මටයි අම්මටයි කන්න බොන්න දෙන්නේ කවුද?"

"ඒ උනත් මං නම් කියන්නේ මේ අතට ආව අවස්ථාවට පයින් ගන්න එපා කියලයි.කීයෙන් කී දෙනාටද ඔහොම අවස්ථා ලැබෙන්නේ.තව සතියක් ඉතුරු වෙලා තියෙන එකේ තව ටිකක් කෝකටත් හොදට හිතලා බලන්නකෝ අහස්"

මහන්න දුන්න ඇදුම් ගන්න ආව නැටුම් මිස්, මගේ තීරණේ ගැන තව පාරක් හිතලා බලන්න කියලා යන්න ගියා.

මට ශිෂ්‍යත්වයක් ලැබිලයි කියන්න ලියුම ඇවිත් සති තුනකුත් ගෙවිලා ගිහින්.ඉතුරු වෙලා තියෙන්නේ තව සතියයි.ඒත් ගෙවුන සති තුනට අපේ ජීවිතවල කිසිම වෙනසක් සිද්ද උනේ නෑ.

කාටත් ලේසියකින් යන්න හම්බවෙන්නේ නැති තැනකට scholarship එකකින්ම මට යන්න ලැබෙනකොට ඒ අවස්තාව නැති කරගන්න තරම් මං මහා මෝඩයෙක් කියලා කාටත් හිතෙනවා ඇති.

ඒත් තුවාලේ තියෙන මිනිහා මිසක් පිටින් බලන් ඉන්න එකා නෙමෙයි තුවාලේ වේදනාව දන්නේ.පිටින් බලන එකාට ඕනේ තරම් තාර්කික විසදුම් දුන්නැකි.ඒත් ඒවා ක්‍රියාත්මක කරන එක හිතන තරම් ලේසි නෑ කියලා දන්නේ ඒවා කරන කෙනා විතරයි.

ඉතින් මටත් ඒ වගෙයි.අම්මව කොහේ හරි නවත්තලා මං ඉගෙන ගන්න ගියත් එතනින් එහාට මං ජිවත් වෙන්නේ කොහොමද?ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් දුන්නට කවුරුත් මට කන්න අදින්න ශිෂ්‍යත්වයක් දුන්නේ නෑ නේ.

ඒ නිසා මට මේ තියෙන විදිහ හොදයි.දුප්පත් අපිට හීන දකින්න අවසර තිබුනට ඒවා හැබෑ කරගන්න ලැබෙන්නේ නෑ.මං හිතේ වේදනාවටත් එක්ක මහන මැෂිම වේගෙන් පාගන ගමන් මහන්න පටන් ගත්තා.

Beyond the Destiny (Yizhan ff Ongoing)Where stories live. Discover now