Chapter 43

155 44 11
                                    

"ආරව් ගැන ආරංචියක් නැද්ද අහස්"

මහ පාන්දර පින්නේ මදිපාඩුවට එකතු උන පොද වැස්ස නිසා තෙමෙන බස් එකෙ ජනෙල් විදුරුවෙන් ඔලුව තියන් උන හැමදෙයක්ම එකින් එක පෙල ගස්සන්න උත්සහ කරන ගමන් උන්න මං, හැගීම් විරහිතව ඔලුව හරවලා බැලුවේ මට එහා පැත්තෙන් වාඩි උන විවේද් දිහා බැලුවා.

බොරුව....ඊටත් වඩා රැවටීමක් හැමෝම එකතු වෙලා කරලා තියෙන්නේ හරි ලස්සනට මාව අන්දපු එක...සිතූ කිව්ව කතාව හරි හැම මනුස්සයම අපි හිතන තරන් හොද නෑ...

"ප්ලීස් විවේද් මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්න...ඔයත් එක්ක කතා කරන්න පුළුවන් මානසික මට්ටමක නෙමෙයි මං මේ වෙලෙ ඉන්නේ"

වැටෙන පොද වැස්ස ටිකෙන් ටික තද වෙද්දි පාන්දර සීතලට වැහි සීතලත් මුහු වෙලා ඇගේ මයිල් පවා කෙලින් වේගන එනකොට හුස්මක් ගත්ත මං විවේද්ව ගනන් නොගෙනය් ජනෙලෙන් එලිය බලාගත්තා.

අවංකවම මං දැන් ඉන්නේ කාත් එක්කවත් කතා කරන්න පුළුවන් මානසිකත්වෙක නෙමෙයි මං මේ ගමන උනත් අද ආවේ මහානාම සර් මට තර්ජනේ කරපු නිසයි.ඔව් ඉතින් කාත් කවුරුත් නැති මට අන්තිමේ වෙලා තියෙන්නේ කාගෙත් තර්ජන ගර්ජන එක්ක සෙල්ලමක් වෙන්න තමා.

"අහස් මට සමාවෙන්න මං..."

"හහ් සමාව...ඔය වචනේ කිව්ව පලියට හැමදේම හරියනවද විවේද් ආ? ඔයා නිසා මගෙ යාලුවා ආගිය අතක් නෑ...අනිත් පැත්තෙන් මෙච්චර කාලයක් මං විශ්වාස කරපු ඔයාලා හැමෝම මාව රවට්ටලා...දෙවියන්ගේ නාමෙන් මට ඔය කාගෙන්වත් වැඩක් නෑ මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න..."

විවේද්ගේ කටින් සමාව කියන වචනේ එලියට එද්දි මං හිනා උනා.සමාව...ඔය වචනෙට වෙච්ච හැමදෙයක්ම ආපහු හරි ගැස්සුවැකිද? කොටින්ම මාව රැවැට්ටුව එක නොසලකා ඇරියත් ඔය වචනෙට මට මගෙ යාලුවව ආපහු ගෙනත් දුන්නැකිද? ඒ වචනෙට සිතූට උන හැමදෙයක්ම ආපස්සට හරවන්න පුළුවන් ද?

සමාව කියන වචනේ ඇත්තටම තේරුමක් ඇති දෙයක් නෙමෙයි ඒක ඇවිත් මිනිස්සුට වැරදි කරන්න එක නිදහසට කාරනාවක් විතරයි.

" Listen අහස්, ඔයාට ඕන්නම් මාත් එක්ක, අපෙ අයියා එක්ක ඕන තරන් තරහ ගන්න because we know අපි ඔයාව රවට්ටලා ඔයාට රිද්දුවා but මාමාට මෙහෙම කරන්න එපා අහස්...he don't deserve this kind of punishment.අනිත් පැත්තෙන් මේකෙන් ඔයාම කොච්චර ඔයාට රිද්ද ගන්නවද බලන්න...please අහස් at least just talk to him"

Beyond the Destiny (Yizhan ff Ongoing)Where stories live. Discover now