Chapter 15

266 42 16
                                    

මිස් හිමායා පාරෙන් එහා පැත්තේ ඉදන් සිග්නල් වැටෙන්නත් කලින්ම පාර පනින්න දගලද්දි මම වටපිට බැලුවා මේ මනුස්සයට මොනා වෙලාද?

ඒ පාර අර බට්න් එක ප්‍රෙස් කරලම ඒක කඩන්න යන්නේ.අනේ ඉතින් ඕක කොහොම එබුවත් වැඩක් නෑ මිස් හිමායා කොල පාට වැටෙන්නේ අපිට ඕන වෙලාවට නෙමෙයි ට්‍රැෆික් ලයිට් එකට ඕන වෙලාවට.

"හෙලෝ...හෙලෝ..අහස් උබ අහගෙනද?"

"අහ්හ් සිතූ මං ගෝල්ෆේස් එකෙන් බැහැලා උබට කෝල් එකක් දෙන්නම්...තියෙනවා ඈ"

ෆෝන් එක කට් කරලා පාර පනින එකත් පොඩ්ඩකට නවත්තපු මං මිස් හිමායා මොනාද කරන්න යන්නේ කියලා බලන් හිටියා.

මෙහෙමයි මිස් හිමායට මම පෞද්ගලිකව එච්චම කැමති නෑ.ඒ මනුස්සයා ටිකක් එක විදිහක්.කතා කරන්නෙත් හරි අමුතු පොශ් එකකට.එතකොට එයා අදින ඇදුම් ගැන අපි කතා නොකර ඉමු.ෆැශන් ඩිසයිනින් ලෙක්ච කෙනෙක් උනාට මොකද මිස් හිමායා හැසිරෙන්නේ එයා ඇවිත් වර්ල්ඩ් ෆස්ට් ක්ලාස් මොඩ්ල් කෙනෙක් කියලා හිතන්.

ඒකට මොකද ඉදිකට්ටට නූල දාගන්න ඇස් දෙක පෙන්නෑ.අනේ මංදා අනිත් ලෙක්චරලා දෙන්නා වගේ නෙමෙයි මිස් හිමායා මට සැලකුවේ අපේ බැජ් එකේ අනිත් ලමයි මට සලකන විදිහටමයි.හුගක් වෙලාවට එයාට මාව පෙනුනේ නෑ.මං කොච්චර හොද ඩිසයින් එකක් ඇන්දත් කලර් පැලට් එකක් මැච් කලත් එයාට එකේ කියන්න මොකක් හරි අඩුවක් තිබුනා.

ඔන්න ඔය වගේ හේතු නිසා මිස් හිමායව මට වැඩිය දිරවන්නේ නැතුව ගියත් මේ මනුස්සයා නිකන් පිස්සුවෙන් වගේ පාරෙන් මේ පැත්තට පැනගන්න දගලන විදිහට මට ඇත්තටම මේ ඇයි කියලා බලන්න හිතුනා.

කොහොම හරි මිස් හිමායගේ වෙලාවේ විදිහට මේ වෙලාවේ පාරේ ට්‍රැෆික් වැඩි වෙද්දි එයාට සිද්ද උනා අන්තිමේ කොල ලයිට් එක වැටෙනකන්ම ඉන්න.

තත්පර ගානකින් කොල පාට වැටෙනවත් එක්කම මිස් හිමායා බඩත් බාගයක් එලියේ දාන් ඇදන් උන්න සාරියත් කැලේ තියන් පාර පැනන් මේ පැත්තට ආවා.පාර පනින්න බලන් පාර අයිනේ උන්න මගේ මූන ඉස්සරහටම එන මිස් හිමායට මං මොනා නැතත් හිනාවක් දුන්නා.

Beyond the Destiny (Yizhan ff Ongoing)Where stories live. Discover now