ආයිමත් දවසක...35

559 118 22
                                    

ආයිමත් දවසක...35


බිනර කාර් එක යශිරලගෙ ගෙදර ඉස්සරහ නතර කරත් වෙනදා වෙගේ යශිරට කතා කරේ නෑ... ඒක නිසාම යශිර තව ටිකක් විමසිලිමත් වෙද්දි යශිර දැක්කෙ ලොකු කල්පනාවක ඉන්න බිනරව...

" බිනර අයියෙ....බිනර අයියෙ..."

යශිර දෙපාරක් කතා කරද්දි ගැස්සුන බිනර යාහිර දිහා බැලුවා...

" අනේ සොරි සුදූ මන් වෙන කල්පනාවක ඉදියෙ..."

"හ්ම්ම්...හරි එහෙනම් මන් බහිනවා..."

"හ්ම්ම්ම්... පරිස්සමෙන් යන්න good night ...."

"Good night අයියෙ...."

යශිර එහෙම කියලා කාර් එකෙන් බහින්න හදද්දි බිනර ආයි මතා කරේ යශිරගෙ අතින් අල්ල ගන්න ගමන්...

"සුදු...මට ඔයාට කියන්න දෙයක් තියනවා...."

"ම්ම්..කියන්න අයියෙ...."

යශිර බිනරගෙ ඇස් වලට එබෙන ගමන් කියද්දි බිනර ආයිමත් අසරන උනා..

" අයියෙ ...."

බිනරගෙ  නිහඩ බව නිසාම යශිර අහද්දි තමා බිනර ආයි කතා කරේ...

"ම්ම්...නෑ අපි පස්සෙ කතා කරමු...මේ සෙනසුරාදා ඔයා වැඩක් දාගෙනද ඉන්නෙ....."

"නෑ අයියෙ තවම නම්..."

"එහෙනම් මාත් එක්ක පොඩි ගමනක් යමුද..."

"හරි.....මන් එන්නම්..."

"ම්..Good night සුදු.. අයියව මන් මතක් කරා කියන්න..."

මෙච්චර වෙලා අල්ලගෙන ඉදපු යශිරගෙ  අත  අතාරින ගමන් බිනර කියද්දි යශිර කාර් එකල ලගින් ඈත් වෙලා කාර් එකේ දොර වහල දැන්ම....

.....................................................................

" සුදු..."

කල්පනාවෙන්ම ගෙට ගොඩ උන යශිරගෙ කල්පනාව බිදිලා ගියෙ ලොකුඅයියගෙ කටහඩින්...

"ඔහ්... කියන්න ලොකූ සොරි මන් ඔයාව දැක්කෙ නෑ...."

"කොහෙ දකින්නද බර කල්පනාවකනෙ ආවෙ...මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාට...."

"අනේ නෑ ලොකූ..කියන්නකො...."

"නෑ මහන්සි නැත්තම් පොඩ්ඩක් කතා කරමුද අපි ....."

ආයිමත් දවසක .Where stories live. Discover now