ආයිමත් දවසක....36

579 119 23
                                    

ආයිමත් දවසක...36

රෑ කන වෙලාව වෙනකම්ම අයියයි අක්කයි එක්ක යශිර එයාලගෙ ඉස්සරට ගන්න තීරන ගැන කතා කරා...

"මොකද කියන්නෙ චූටි අපි සෙනසුරාදා දිහාට ගිහිල්ල එමුද මාතලේ පැත්තෙ ඔයාටත් තැන බලතෑකිනෙ ...."

"හ්ම්ම්... හරි ලොකු ... මන් බිනර අයියටනම් කිව්වා එයා එක්ක රවුමක් දාන්න එන්නම් කියලා අවුලක් නෑ මන් එන්නම්..."

"මෙහෙම කරමු අපි මිනිහවත් එක්ක යමු..."

"ඒක හොදයි... එතකොට පොඩ්ඩො දෙන්නා..."

"ඒ දෙන්නව අම්මලට දීල යන්න වෙනව සුදූ ම් ගමන ටිකක් මහන්සී එකක් වෙයි ඒක නිසා ඒ දෙන්න  තියල යන්න අක්කයි මමයි බැලුවෙ..."

"හ්ම්ම්... ඒක හොදයි.. ඔයා දැන්ටමත් තැනක් බලල නේද ලොකු තියෙන්නෙ.."

"ඔව් සුදූ.. මන් තැන් දෙක තුනක් හොයාගත්තා...අක්කටත් ලග මටත් යන්න එන්න ලේසි තැනක් වෙන්න එපැයි..."

"ඔව් නේද.. එතකොට පොඩ්ඩො දෙන්නගෙ ඉස්කෝලෙ වැඩ මොකද කරන්නෙ..."

"ම්ම්.. ඒ දෙන්නවත් මෙහෙන් අස් කරගෙන එහෙ ඉස්කෝලෙකටම දාගන්නව ..."

"ඒක හොදයි.. හැබැයි අක්කෙ ඔයාලගෙ අම්මලනම් කැමති වෙන එකක් නෑ නේද ඔයාල යනවට...."

"අයියො කියල වැඩක් නෑ සුදූ දැන්මම මූන හොද නෑ දෙන්නගෙ.. ඒත් මොකව කරන්නද සුදූ..."

.........................................................................

පහුවදා යශිර පුරුදු විදිහටම ලෑස්ති වෙලා අක්කට උදව් වෙලා වැඩට ටිකක් කලින් ගියෙ බයික් එකත් හදාගෙන තිබ්බ නිසා...

කෙලින්ම චලනල්ගෙ ගෙදරට ගිහිල්ල වත්තට බයික් එක දාල දෙපාරක් හෝන් ගහද්දි චලන දඩි බිඩියෙ එයාගෙ හෙල්මට් එකත් අතට අරගෙන එලියට එද්දිම යාහිරට මතක් උනේ ඊයෙ රෑ චලන එයාට සුදූ කියලා කතා කරපු විදිහ... ඒ මතකය එක පාරටම ඒයාගෙ හිතට ආගන්තුක සිතුවිලි ගොඩක් ගේද්දි එයා ලොකු හුස්මක් හෙලල ඒක අමතක කරේ චලන එයා ලගට එනවා දැකලා...

"Good Morning සුදූ..."

චලන හිනා වෙලා ගානක් නැති විදිහට කියද්දි යශිරගෙ හිත ආයිමත් නොසන්සුන් වෙද්දි එයා ඒක පිටතට නොපෙනෙන්න කතා කරා...

ආයිමත් දවසක .Where stories live. Discover now