ආයිමත් දවසක...37

735 125 57
                                    

ආයිමත් දවසක.....37

බිනරට කලින් තියාම සෙනසුරාදා ගමන් ගැන කියලා තිබ්බ නිසා බිනර උදෙන්ම යශිරලගෙ ගෙදරට එද්දි යශිර ඉදියෙ නාන ගමන්...නාගෙන ටවල් එකෙන් යාන්තම් කොන්ඩෙ පිහි දාගෙන යාහිර කාබරේට ගියෙ තවමත් බාගෙට තෙත කොන්ඩෙ අතින් ගසන ගමන්...

බාත් රූම් එකේ දොර ඇරලා කාබරේට අඩිය තියද්දිම වගේ යශිර දැක්කෙ එයාගෙ ඇද උඩ වාඩි වෙලා වටපිට බල බල ඉන්න බිනරව... යශිර බිනරව දකිද්දිම වගේ බිනරත් යශිරව දැක්කා.. ඒ එක්කම බිනරගෙ ඇස් යශිරගෙ බාගෙට නිරුවත් ඇග පුරා එහෙ මෙහෙ  යද්දි යශිර ඔහේ බලන් ඉදියෙ මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව...
තවත් තත්පර ගානක් යනකම් යශිර දිහා බලන් ඉදපු බිනර ටක් ගාල  යාහිරගෙ ඇද්ස්න් නැගිට්ටා...

" gooo... good morning සුදු...."

"Good morning අයියෙ.."

"සොරි ඔයා තවම ලෑස්තු වෙනව නේද .. හරි ලෑස්ති වෙන්න මන් යනවා..."

යශිර ආයි මොකුත් කියන්නත් කලින් බිනර කාබරෙන් එලියට ගියෙ ඇරල.තිබ්බ දොරත් වහගෙනමයි...

එක පාරටම බිනර කාබරේ ඉන්නව දකිද්දි හිතේ ඇති උන ලැජ්ජාව වගේම නොසන්සුන් කම ඒත් එක්කම හිනාවකට පෙරලෙද්දි යශිර හිනා වෙන ගමන් එයාගෙ ඇදුම්
කබඩ් එක ඇරියෙ අදින්න ඇදුමක් හොයාගන්න...

....................................................................

වෙලාස්ස්නම ඇවිල්ල හරිදු එක්ක කතා කරලා බිනට යශිරගෙ රූම් එකට ගියෙ යශිරව දවස් දෙකකින් විතර නොදැක්ක නිසා...
එයාගෙ වැඩ ටිකක් වැඩි උන නිසා එයාට යශිරව බලන්න යන්න උනේ නෑ...

යශිරව අන්තිමට ගෙදරට ගිහිල්ල දාල පහුවෙනිදා වෙද්දි තමයි යශිර කෝල්.කරලා එයාගෙන් ඇහුවෙ සෙනසුරාදා ගමන් ටිකක් කල්දාගන්න පුලුවන්ද කියලා.. ඒත් එක්කම ඒකට හේතුවත් යශිර බිනරට කිව්වෙ එයාල එක්ක නුවර යමුද කියලත් අහන ගමන්...

යශිර වගේම හරිදුලත් එක්ක යන ගමනකට කොහොමත් බෑ කියන්න බිනර කැමති උනේ නෑ.. ඒකමයි මේ සෙනසුරාදා උදෙන්ම ඇහැරිලා එයා යශිරලගෙ ගෙදරට ආවෙ...

කාබරෙන් එලියට ආපු බිනර කෙලින්ම ඉස්තෝප්පුවට ගිහිල්ල වාඩි උනේ තවමත් මනසෙ ඇදිලා තියන යශිරගෙ රූපෙ හිතේ මවන ගමන් මයි...

ආයිමත් දවසක .Where stories live. Discover now