7 වන කොටස

600 83 15
                                    

ප්‍රාතී ..............❤

7 වන කොටස.............

පා පුවරුවේ මැද පඩියේ මම හිටගෙන හිටියේ තෙරෙපෙමින්....  බස් එක හෝල්ට් දෙක තුනක් ගමන් කලා...

"සල්ලි ගන්න... සල්ලි ගන්න.... නැගපු අය සල්ලි ගන්න ....."

කොන්දොස්තර ගිරිය කඩාගෙන කෑ ගහද්දී මම අත් දෙකම අතහැර පර්ස් එකෙන් සල්ලි ඇද්දා... ඒත් එක්කම බ්‍රේක් එකක් ගැහුවේ මම නොසිතූ ලෙසයි.... මාව ඉස්සරහා තිබුනු දොරේ වදියි කියලා හිතුනත් කවුරු හරි මගේ ඉනෙන් ඇදලා ගත්තේ මාව පුදුම කරමින්....  මම තිගැස්සී ඔහු වෙතට හැරුනේ ඔහුගෙන් මිදෙන ගමන්.....

"අහ්.... ඔ... යා... මෙතන....."

දෙයියනේ... ප්‍රාති .....දැකගන්න ඇස් හොයපු රූපය මගේ ඉදිරියේ නොසිතූ ලෙස පෙනී ඉද්දී මගේ කටින් ඉබේටම පිට වුනා...ප්‍රාති යන්තම් සිනහවක් පෑවේ දත් කිහිපයක් පෙන්නමින්....

"ඔයා මොකද මෙතන කරන්නේ"

ප්‍රාතී පැලද සිටි ලොකු කාච කණ්ණාඩිය හරහා පෙනුනු ඒ වටකුරු දෑස් දෙස එක එල්ලේ බලමින්  මම ඇහුවා.

"හානවා...අනේ අම්මපා මෙතන එල්ලිලා ඉන්නවා පෙනි පෙනි අහන කැත"

මම කට එහා මෙහා කරමින් ප්‍රාතිට රවලා නැවතත් ඉදිරියට හැරුනා...

"කොහෙන්ද නැග්ගේ ..."

"ඔයා නැගපු තැනින්ම තමා"

මම එක්වරම ප්‍රාති දෙසට හැරුනා....

"මගේ පස්සෙන් එනවද ඒ පාර"

"මල්ලි අද ටිකට් ගන්නවද....."

කොන්දොස්තර සද්දෙන් කිව්වේ පීකරයක් හයිකරලා වගේ....

"ගාල හන්දියට දෙකක්"

මම කොන්දොස්තර වෙත සල්ලි දෙන ගමන් කිව්වා... 

"මටත් එක්ක ටිකට් ගත්තේ මාව ගෙදර එක්කන් යන්න නේද ... හොර... ගෙඩියා..."

මම ප්‍රාතිගේ බඩට වැලමිටෙන් ගැහුවේ ප්‍රාති මූණ බෙරිකරගනිද්දියි..... කොන්දොස්තර දිගුකල ඉතුරු සල්ලි මම පිටිපස්සෙ  කලිසම් සාක්කුවට ඔබා ගත්තා...

"මේ දෙයක් අහන්නද ...."

"ඒ පාර මොකෝ"

"ඇයි අර අරයා නැගපු අය සල්ලි ගන්න... නැගපු අය සල්ලි ගන්න ගගා බෙරිහන් දෙන්නේ....  සල්ලි ගන්න ඕනේ එතකොට නැගපු අය විතරද.... නැත්තම් ඔක්කොමට නැගලද"

ප්‍රාතී.......❤Where stories live. Discover now