ප්‍රාතී...... ❤
අවසන් කොටස......
"ප්‍රාති.... ප්‍රාතී...... කෝ ඔයා.... ප්‍රාති "
අපේ නිදන කාමරයට මම ඇතුල් වුනේ කෑ ගහගෙන... ඒත් අපේ ඇද අසල සිටගෙන සිටියේ ප්‍රාතී වෙනුවට වෙනත් කෙනෙක්.... තනි කලු ගවුමකින් සැරසී සිටි ඇය එක්වරම මා දෙස හැරුනේ මාව පුදුම කරමින්....
ඒ හිටියේ ප්‍රාතිගේ අම්මා.... කොහොම අමතක කරන්නද ඒ රූපේ ... හැගීම් නොමැති හිස් බැල්මකින් මා දෙස බලා සිටි ඇය එක්වරම ඇයගේ උස් හඩින් ඇමතුවා...
"අපි ටිකක් කතා කරමුද"
මම තුෂ්නිම්භූත වී බලා සිටියේ කිසිම දෙයක් අදහාගත නොහැකිව... මම ඔහේ බලාන ඉද්දී ප්‍රාතීගේ අම්මා මාව පහුකරගෙන පඩිපෙළ බැහැලා යන්න ගියා... ඇය පැලද සිටි උස් වූ පාවහන් යුගලයෙන් නැගෙන අමුතු හඩ මුලු ගෙදර පුරා දෝංකාර දෙන්නට ගත්තා .... මම කොහෙවත් නොතිබුනු නිර්භීතකමක් හිතට අරගෙන පඩිපෙළ බැස්සේ පහල සෝෆා එක මත හිදගෙන කකුලක් පිට කකුලක් දමාගෙන මා දෙස එක එල්ලේ බලා සිටි ප්‍රාතිගේ මව දෙස හොරැහින් බලමින්...
"ඉදගන්න...."
ඇය මා දෙස නොබලාම ඇය ඉදිරියේ තිබූ සෝෆා එක දෙසට අත දිගු කරන ගමන් පැවසුවේ අමුතු ගාම්භීර හඩකින්...
"කමක් නෑ... මෙ... මෙහෙම හොදයි...."
මම අත් දෙක පපුව මතින් බැදගන්න ගමන් පිළිතුරු දුන්නේ යටහත් පහත්ව...
"මම එක දෙයක් එකපාරකට වඩා කියන්න කැමති නෑ...."
මා දෙස භයංකාර බැල්මක් හෙලන ගමන් ඇය පවසද්දී මම සෝෆා එක මතින් ඉදගත්තේ අසිහියෙන් වගේ ...
ඇත්තමයි මේ ජීවිත කාලෙටම මාව බය කරන්න පුළුවන් වුනු එකම කෙනා මගේ තාත්තා විතරයි ... ඒත්... මේ විනාඩි ගානට මම ප්‍රාතිගේ අම්මට බය වුනු තරම් තාත්තටවත් බය වෙලා නැතුව ඇති....
"ශෙනාල්....ඔය ප්‍රතීක්ට කෝල් කලාද"
"මේ... එයාගේ ෆෝන් එක මගේ ලග... ඒත් ඔයා මාව දන්නවද.... "
"මම නොදන්න දෙයක් නෑ.... "
සත්තයි ඒ වචන මාව තිගැස්සුවා....බිමට බර වී තිබූ මගේ ඇස් ඇය වෙතට ඉබේ ගමන් කලා... ඇය කටකොනකින් සිනහා වෙමින් හිටියේ මට කතාවක සිටි නපුරු මායාකාරියක් මතක්කරවමින්...