14 වන කොටස

528 80 7
                                    

ප්‍රාතී ..................❤
14 වන කොටස........

"මතක් වුනාද ... මොනා හරි"

රකිත එක්වරම හිනාවෙන ගමන් ඇහුවා....

"මොනා මතක් වෙන්නද...."

මං බීම උගුරක් බොන ගමන් කිව්වා....

"අද ජිම් එනවද...."

"ඔව්... එන්න හිතන් ඉන්නේ...."

"එහෙනම් එහෙදී හම්බවෙමු.... මං යන්නම්...."

රකිත නැගීසිටිද්දී මමත් හෙමිහිට නැගිට්ටා .... රකිත එක්වරම මාව වැලදගත්තේ මාව පුදුම කරමින්.... කරකියාගන්න දෙයක් නැතුව මම ඇස් එහාමෙහා කලා....

එක්වරම අපිට නුදුරෙන් තිබූ මේසයක මාව පෙනෙන මානයේ හිදගෙන සිටි ප්‍රාතිව මගේ දෑසට හසු වුනා... තවමත් රකිතගේ දෑත් අතට හසු වී සිටි මා දෙස ප්‍රාතී බලාන හිටියේ රවාගෙන.... ඒ ඇහිබැහි එකට යා වෙලා....

දෙයියනේ මං මොකද දැන් කරන්නේ....

මං රකිතගෙන් වෙන් වුනේ ඇත්තටම බයෙන්....

"මං ඔයාව ඩ්‍රොප් කරන්නද....."

"අහ්... මේ ... මං යාලුවෙක් එක්ක යන්නේ"

"අහ් එහෙනම් මං යන්නම්.... ඉක්මනින් හම්බවෙමු...."

රකිත මගේ කොණ්ඩේ යන්තම් අතගාන ගමන් කිව්වා ... ඒත් මගේ ඇස් තිබුනේ ප්‍රාතී ලග... ඇත්තමයි එයට කේන්ති ගිහින් වගේ.... මං දැන් මොකද කරන්නේ...

රකිත ගිය ගමන් මං පුටුවෙන් ඉදගත්තේ හීනෙන් වගේ  .....

"අපි යන්ද...."

මට ඕන උනේ ඉක්මනට රවිදුව යවාගන්න....

"මේ ශෙනාල්...."

"හ්ම්..."

"මට අ.ර.කිගේ නම්බර් එක අරන් දෙනවකෝ"

"මට කියන්නේ... ගිහින් ඉල්ලග.නි.න් ඉතිං"

"හා... ඉල්ලන්නම්... උඹත් ව.රෙ.න් හා ද...."

"හා හා ඕන මගුලක් ...."

රවිදු පෙරමුණ ගනිද්දී  මං ප්‍රාතී දිහා බැලුවා... ප්‍රාතී ඇගිල්ලක් දිගු කර මට ඔහු වෙත කතා කලා.. මම නැවතත් ඔහු වෙත මොහොතක් ඉන්න මෙන් පවසා රවිදුගේ පිටිපසින් දිව්වා...

ප්‍රාතී.......❤Where stories live. Discover now