21 කොටස

752 201 89
                                    

කමෙන්ට් ගෝල් 50

හොසොක් ඔලුවෙ අත තියාගෙන කල්පනා කරන ගමන් හිටියෙ. නම්ජුන් එයාලා හදපු මැප් එක දිහා බලාගෙන හිටියා. නම්ජුන් මැප් එකෙ මර්ඩස් කරපු තැන වලින් සිම්බල් එකක් හැදෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියත් ඒක එහෙම නොවුනෙ නිව්යෝර්ක් වල අනිත් පැත්තෙ මර්ඩර් එක සිද්ධ උන නිසා. නම්ජුන්ගෙ හිතෙ තිබුණෙ දෙගිඩියාවක්.

"එක්ස්කියුස් මී සර්"

එතනට රිපෝට් එකක් අර ගත්ත ඔෆිසර් කෙනෙක් ඇවිත් නම්ජුන්ට රිපෝට් එක දීලා ගියාම නම්ජුන් රිපෝට් එක ඇරලා බැලුවෙ හොසොක් නම්ජුන් දිහා උනන්දුවෙන් බලන් ඉන්නකොට.

"මොකක්ද තියෙන්නෙ?"

"කලින් මර්ඩස් වලටයි මේ මර්ඩර් එකටයි පාවිච්චි කරලා තියෙන්නෙ එකම උණ්ඩ වර්ගය"

නම්ජුන් කියනකොට හොසොක් කිසිවක් කිව්වෙ නැහැ. සුසුමක් හෙලපු ඔහු පුටුවට හේත්තු උනා.

"මිස්ටර් කිම්, අපි හොයලා බලමු මේ උණ්ඩ කොහෙ ලියාපදිංචි උන ඒවද කියලා"

හොසොක් කියනකොට නම්ජුන් මේසෙ මත තිබ්බ ලියකියවිලි අවුස්සලා කොලයක් අතට ගත්තා.

"මේවා රජයේ අනුමත උණ්ඩ නෙවෙයි. කොහෙන් හරි හොරෙන් ඉන්පෝර්ට් කරන්නෙ. තාම බැරි උනා ඒ ගැන හොයන්න"

නම්ජුන් කිව්වෙ රිපෝට් එක හොසොක් අතට දෙන ගමන්. හොසොක් රිපෝට් එක අතට අරගෙන ඒ දිහා උනන්දුවෙන් බැලුවා.

"ඕකෙ. මම මේ ගැන හොයන්න අදම පරීක්ෂණ කණ්ඩායමක් පත් කරන්නම්"

හොසොක් කිව්වම නම්ජුන් ඔලුව වනලා ආයෙමත් නිව්යෝර්ක් මැප් එක දිහා බැලුවා.

"මට වැරදුනාවත්ද? කොතනද වැරදුනෙ මට? මේක පලිගන්න කරපු දාම ඝාතනයක් නෙවෙයිද? පිස්සෙක් නිකන් මිනිස්සු මර මර ගියාවත්ද?"

නම්ජුන් ඒ දිහා බලාගෙන කලකිරීමෙන් හිතුවා.

"ඔෆිසර් අධෛර්යමත් වෙන්න එපා"

"ඒත් ඔෆිසර් හොසොක් , අපි ගෙනාව තර්ක සේරම වැරදී. මිනිස්සුන්ගෙ ඒජ් රේන්ජ් එක පවා දෙපාරක් වැරදුනා. පැටන් එකත් වැරදුනා. ඒත් ඔෆිසර් මට සැකයි පැටන් එක වැරදුනු එක ගැන. ඒ මර්ඩර් අපිව නොමග යවන්න පැටන් එක වෙනස් කලාද? නැත්තං මේ මෙර්ඩර්ගෙ රිවෙන්ජ් එකට අයිති නැති ඒත් කල යුතු මර්ඩර් එකක්ද මේ? සමහර විට මැරුණු ගායුල් කියන මනුස්සයා මර්ඩර්ව කලින් දැනගෙන ඉඳලා පොලිසියට කියන්න වලක්වන්න වත් මර්ඩර් එහෙම කලාද? අනික ගායුල්ගෙ ලැප් එකත් නැති වෙලා"

Tickets To The Hell | taekook ✓ Donde viven las historias. Descúbrelo ahora