බිළිදා කරදරකාරයෙකු නොවී ය . ඔහු ඇඩුවේ ඉපදුනු මොහොතේ පමණි . එයත් හරියට " මා හොදින් ඉන්නවා ... බියවන්න දෙයක් නෑ " යැයි දන්වන්නට කළ හැඩීමක් මෙන් ඉතා කෙටි හැඩීමක් විය . ඉන්පසු ඔහු සන් සුන් විය .
" හරියට ඔබ වගේ ම ... අත්‍යවශ්‍ය නම් පමණක් මුඛය විවර කරන්නෙක් ... " වෙයි යින්ග් දිලිසෙන දෑස් ද සමගින් , වංජි දෙස බලා තෙපළයි .
වෙයි යින්ග් ගේ මුළු ගත ම තවමත් රිදුම් දෙන්නට විය . විශේෂයෙන්ම ඔහුගෙ ඉනෙන් පහළ ප්‍රදේශය තවමත් වේදනා දුන්නේ ය . නමුදු දරුවා දෑතට ගත් පළමු මොහොතේ සිට ඔහුට සියලු වේදනාවන් අමතක වී තිබිනි .
වංජි ද වෙයිගේ හිස ආදරයෙන් පිරිමදිමින් සිටී . ඒ අතර විටින් විට ඔහු දරුවාගේ ඉතා සිනිදූ කම්මුල් සෙමින් පිරිමදී . සිනිදු දෑත් තම ඇගිල්ලෙන් අල්ලා ගනී .
වැඩිපුරම සතුටු ආ යුවාන් ට විය . ඔහු කුඩා ජීවියා දෙස පුදුම වූ දෑසින් බලා සිටී. සිනාසී ජින් ලින් දෙස බලා
" බලන්න ඔහු බොහෝ කුඩායි ... එමෙන්ම දැරිය නොහැකි තරම් හුරුබුහුටි යි " යැයි දිලිසෙන දැසින් තෙපළයි . ටිකක් වේලා බලා හිද
" පපා මම ඔහුට හාදුවක් දෙන්න දැ " යි විමසයි . වෙයි හිස වනා එකගතාවට පළ කළ විට යුවාන් තම තොල් මුදුව බිළිදාගේ කම්මුල් වල තවරයි .
" මටත් කවදහරි මේ වගේ බිළින්දෙක් ඕනේ " යුවාන් සතුටින් තෙපළයි . එය ඇසූ ජින් ලින් ගේ නන් මුහුණ තද රත් පැහැයෙන් වෙලී ගිය අතර වෙයි සිනාවෙමින් යුවාන් ගේ හිස මුදුව පිරිමැදී ය .
.
.
.
.
.
.
.ප්‍රථම දිනයේ වෙයි ගේ තන පුඩුවලින් කිරි ස්‍රාවය විය . නමුදු ගැටළුව පැන නැගුනේ දෙවන දින සිට ය . දරුවා කිරි ඉරුවද වෙයි ගේ තන පුඩුවලින් කිරි ස්‍රාවය නැවති තිබින.
මෙය සැවොමටම නව ආතතියක් ඇති කළේ ය .
" කොහොමද ... කොහොමද එහෙම වෙන්නෙ ... මගේ දරුවාට මා මිස වෙන කවුරුන් කිරි දෙන්නද " වෙයි ගේ වදන් හැඩීම නිසා ම වෙව්ලුම් සහගත වී ය .
" සමහර විට ඒ මාස්ටර් වෙයිට කිරි නිපදවන ග්‍රන්ථි පිහිටා නැති නිසා විය හැකියි ... " වෙදදුරු රැලි කරගත් මුහුණින් යුතුව කල්පනා කරමින් ම පවසයි.