"පියාණන් ... සාමාන්‍ය විදියට තමයි සිසුන් දෙස බලන්නේ ... "
විශේෂයක් නෑ ? "
" විශේෂයක් න් ... නෑ ... පපා ... "
" මොකද එහෙනම් ඔබ ගොතගහන්නෙ ... "
" මුකුත් විශේෂයක් නෑ පපා .... "
" හුම් ... " වෙයිගේ මුවෙන් එවදන් පිටවුවද ඔහුගේ ඇස් නම් තවමත් සැකයෙන් හීනි වී තිබිණ .
හන් ගුආ හුන් , සවූ ජුන් සමග වැදගත් සාකච්ඡාවකය . මේ කතිකාව සිදු වූයේ සම්මේලනයේ පස්වන දින හවස් යාමයේ ය .
වෙයි යින්ග් යුවාන් සමග තේ පානයේ යෙදී සිටි අතර ... කුඩා වූශාන් වෙයිගේ ඇකයේ සුව නින්දක පසුවිය .
මේ කතිකාව ආරම්භ වීමට හේතුව නම් මෙය ය .
දිවා ආහාරයට දේශන මාලාව මදකට නවතා , වංජි , වෙයි සමග ආහාර ගනිමින් සිටින අතරතුරේ දී ඔවුන්ගේ කුටියට පිටතින් තරුණියකගේ සොදුරු හඩක් ශ්‍රවණය විය .
" හන් ගුආ ජුන් ... මට ඔබව මදක් හමුවිය හැකිද ? " හඩෙ හිමිකාරිය එසේ විමසන ලදී .
වංජි තම ආහාර ගැනීම නවතා කුටියෙන් පිටතට පියමැනී ය . වෙයි ද වහා ඔහුගේ පසුපසින් ගියේ ය .
" හන් ගුආ ජුන් ...මට ඔබ සමග මදක් තනිව කතා කළ හැකිද " සුන්දර තරුණියක් ඇස් කරකවමින් වංජි සමග කතාබහේ සිටි අතර වරින් වර ඇය තම ඇස් කොණින් වෙයි වෙතද බැලුම් හෙළනු ලැබී ය .
වංජි හිස වනා එකග වූ අතර , වෙයි වෙත හැරුණු ඔහු " වෙයි අපට මදක් ... "
" ආහ් හරි හරි ගැටලුවක් නෑ ... මං ඇතුළෙන් ඉන්නම් ..." අපහසුවෙන් වදන් ගැලැපූ වෙයි වහා කුටියට පිවිසි අතර ... නමුදු ඔහු දොර අසලම හිද ... ද්වාරයට කන තබාගෙන ඔවුන්ගේ කතාබහට ඇහුම්කම් දීමට වෙර දැරී ය .
නමුදු අවාසනාවකට මෙන් ... ඔවුන් කුටියෙන් මදක් ඈතට ගොස් සිටි අතර ඒනිසා වෙයි ට ඔවුන් තෙපළූ එකදු වදනකුදු නොඇසුණි .
අවසානයේ වංජි කුටියට පැමිණියේ ය .
" ප්‍රමාද වුනා ... මා යායුතුයි .... වෙයි ... අද සවස මා මදක් ප්‍රමාද වෙයි ... අයියණ්ඩි සමගින් සාකච්ඡාවක් තිබෙනවා ... " එසේ පැවසූ ඔහු ඉතුරු ආහාර එලෙසම තිබෙන්නට දී පිට විය .
YOU ARE READING
ආශ්චර්‍යය ... 🍃 [Completed ]
FanfictionWangxian Historical 18+ Cover by : @_Lan_kimra