🌺 අවාරය 34 🌺

1.6K 315 124
                                    

"ඉතිං මගෙ ලව්ලි හබී...මොකක්ද ඔයාගෙ අන්තිම තීරණේ...!!"

"දරුවා දෙන්නේ නැත්නම් මට ඩිවොස් එක එපා.."

දේවල් වෙනස් උණේ හරි ඉක්මනින්...ඇහිපිය ගහන තරම් වේගෙන්...එක දවසට දෙකට වෙද්දි
මං හිටියේ හොරණ ගෙදර...බලාපොරොත්තු නොවුණ වෙලාවක මට අන්තිම තිරණෙත් අරන් ගෙදර එන්න කියලා එයා මට කතා කරලා කිව්වා...ඉතිං මං උන්නේ නෙලීෂා ඉස්සරහා වාඩිවෙලා වෙද්දී එයාට ඕනා උණේ මගෙ අන්තිම උත්තරේ...ඉතිං කියන්න කලින් මං දැනගෙන උන්නා නෙලීෂාගේ තීරණේ...හිත කිව්වේ එයා කොහොමත් ඩිවෝස් එක යි දරුවයි දෙකම එකපාර මට දෙන්නේ නෑ...ඉතිං...මං මේ පාර ගමෙන් ආවේ...මුල්ම තීරණේ අන්තිම තීරණේ බවට ස්ථිර කරගෙන... ආය යන්නෙ නෑ කියන පොරොන්දුව මටම දෙන ගමන්...

"ඒ කියන්නේ...ඔයා දරුවා වෙනුවෙන්... ඔයාගෙ ආදරේ අත අරිනවා...!!"

එයා අහද්දී මං ඔළුව උස්සලා එයා දිහා බැලුවා...හදවත පාරගෙන ඇස් වලින් ගලපු කඳුලු කම්මුල් හෝදාගෙන ගලාගෙන යද්දි මං ඔව් කියන්න ඔළුව වැනුවා වෙද්දි එයා මං දිහාම බලන් උන්නා..බොඳ උණ ඇස් වලින් ම
ඒ ඇස් වල මං දැක්කෙ...කවදාවත් නොදැකපු විදිහේ අමුතු හැඟීමක් වෙද්දි එයා අතේ තිබුණ ෆයිල් එක මගෙ අත උඩින් තිව්වා...

"පෙරළලා බලන්න.."

එයා කිව්වේ මං ඔහේ ඒක අතේ තියන් බලන් ඉද්දී...

"මට එපා.."

පෙරළලා නොබලාම ඒකෙ තිබුණෙ ඩිවෝස් පේපර් බව දන්න නිසා මගෙ හිත ගැස්සුණා...එයාට දරුවා එක්කම ඩීවොස් එක ඕනා වෙලා නම් කියලා හිතෙද්දි මං කිව්වේ ෆයිල් එක ආපහු එයා දිහාවට තල්ලු කරන ගමන්...

"පෙරළලා බලන්න සදීව්.."

"මට ඕනා නෑ...මට ඩිවෝස් එක එපා...දරුවා එක්ක ඔයාට ඩිවොස් එක දෙන්නෙත් නෑ..මේවා විසිකරලා දාන්න.."

මං කිව්වේ උන්න තැනින් නැගිටලා යන්න හදන ගමන් උණත්..එයා අතින් අල්ලලා මාව නතර කරා...

"ඔයා හරි කලබලයි හැමදාම...ඔයා හැමදෙම වරද්ද ගත්තේ ඒ නිසා...දැන් ඒ වැරදුණ තැන් හදන්න බෑ...ඒත් මේ වතාවේ වත් කලබල නොවී ඉන්න..."

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️💚 CompleteWhere stories live. Discover now