එකලොස්වෙනි කොටස

1.2K 263 91
                                    


'මාත් මගෙ රත්තරන් මහත්තට ගොඩාක් ආදරෙයි...'

අඬලා අඬලා හෙම්බත් වෙච්ච සුදු මහත්තයා අන්තිම වතාවට කියලා හිතන් අහිංසගෙ පපුවට තුරුලු වෙලා හූල්ල හූල්ල නිදා ගනිද්දි සුදු මහත්තයට නින්ද යනකන් ඔලුව අත ගාපු අහිංස සුදු මහත්තයට නින්ද ගියාට පස්සෙ ඒ හිස් මුදුනට හාදුවක් තියලා...මෙච්චර වෙලා හිත හයිය කරන් හිර කරගෙන හිටපු කඳුලු පිටාර ගලන්න දුන්නෙ අඬුම ඉකියක් වත් පිට වෙන්න නොදෙන තරම් පරිස්සමට...

**********************************************

අන්තිමට පැය දෙකක් විතර නින්ද ගිහින් පාන්දර හතර වෙද්දි අහිංසට ඇහැරෙද්දි අඬලා දොඩලා වැලපිලා මහ රෑ ජාමේ නින්ද ගිය විදියටම සුදු මහත්තයා අහිංසගෙ පපුව උඩ ඔලුව තියන් කිටි කිටියෙ බදාගෙන නිදාගෙන හිටියා....

'අනූ අයියේ....මයෙ මහත්තයෝ....'

අහිංස හිමීට කතා කරද්දි නින්දෙන්ම තව ටිකක් උඩට වෙලා අනුරාධ අහිංසගෙ බෙල්ල අස්සෙ මූණ ගහන් එහෙ මෙහෙ කරද්දි ඒ දැනෙන විස්තර කරන්න අමාරු හැඟීම නිසා අහිංස යටි තොල හපාගෙන චුට්ටක් එයාවම සන්සුන් කරගත්තා.. ආයෙම විනාඩි පහක් විතර ගිහින් අහිංස කන ගාවටම තොල් තියලා ආයෙ කතා කලා..

'සුදු අයියේ...පාන්දර වෙලා නෙවැ..අපි නැගිටිමු රත්තරනේ...'

ඒ පාර නම් අනුරාධට ඇහැරුනා වගේම කුප්පි ලාම්පු එළියෙන් වටපිට බලපු සුදු මහත්තයා ඇස් පිල්ලම් දෙක තුනක් ගහලා හරි සිහියට ඇවිත් ටිකක් ඉස්සිලා අහිංසගෙ මූණ දකිද්දි බඩ පපුව හෝස් ගාලා ගියා... ඒ ඇස් රතු වෙලා ඉදිමිලා තිබ්බා... ඒ මදිවට පැය හතරක් විතර අනුරාධ අර හිච්චි අහිංසගෙ ඇඟ උඩ නිදාගෙන....

'අනේ මගෙ මැණික...උඹට අමාරු ඇති... උඹ මුලු රෑම ඇඬුවද මයෙ චූටි මහත්තයෝ, බලපන් උඹේ ඇස් දොඹ ගෙඩි වගේ....'

ඉක්මනටම එහා පැත්තට පෙරලුන සුදු මහත්තයා එහෙම කියද්දි අහිංස මුනින් අතට හැරිලා පපුවෙන් ඉස්සිලා අනුරාධගෙ ඇස් ඒ ඇඟිලි වලින් පිරිමැදලා කම්මුලත් හිමීට මහපට ඇගිල්ලෙන් පිරිමැද්දා...

'මයෙ විතරද ම්ම්ම්...ගෙදර ගිහින් මූණ ඩිංගක් බලන්ට හොඳෙ මගෙ සුදු මහත්තයා... සුදු නැන්දා අහන ඒවට දැන්ම උත්තර හොයන් ඉන්ට වෙයි....'

කැලෑ මල... (completed)Where stories live. Discover now