තිස් දෙවෙනි කොටස

1.3K 238 64
                                    


එහෙම්මම අහිංසගෙ තොල් අල්ලගත්ත අනුරාධ අහිංසව පණ ගහලා එනකන් ආදරෙන් සිපගන්න ගමන් පිට පුරාවට අත් යැව්වා... අන්තිම අහිංසගෙ හැඟීම් ප්‍රාණවත් උනහම අහිංස ගාවින් දණ ගහලා අහිංසගෙ රසඟ මුවට අරන් පුලුවන් උපරිම තෘප්තිමත් කරලා අහිංසගෙ හැඟීම් නිදහස් කලා... ඒ එක්කම අහිංසටත් ඒක කරන්න උවමනා වෙද්දි අනුරාධ ඒක නවත්තලා අහිංසගෙ අත අරන් එයාගෙ රසඟ උඩින් තියලා ඔලුව වැනුවම අහිංස එයාගෙ අතේ පහසින් අනුරාධව නිදහස් කලා..... ඉතින් එයාලගෙ අලුත් ජීවිතේ එක්කම එයාලගෙ පුංචි පැටියගෙ වගේම අහිංසගෙ පරිස්සම වෙනුවෙන් එයාලගෙ පුරුදු ටික කාලෙකට වෙනස් කරගන්න දෙන්නටම සිද්ධ උනා...

*********************************************

'අනේ ඔය හැබෑමද මයෙ පුතේ.... අනේ රත්නත්තරේ පිහිටයි මයෙ පොඩි කොල්ලට... මන් ඒකලට දෝසයක් කියලා කොච්චර නම් දේවල් කරන්ට ලෑස්ති උනාද... අපෙ අප්පෝ කොල්ලා නූලෙන් බේරුනේ... දරු ගැබක් දරන් ඔව්වා කලාම වස් වදිනවලු මයෙ පුතේ..... අනේ මයෙ කොල්ලට පප්පෙක් වෙන්ට පින තිබ්බා එහෙනම්....'

අනුරාධ ගෙදර ඇවිත් කාන්ති එක්ක විස්තරේ කිව්වම කාන්ති සංතෝසෙ වැඩි කමට පොලොවෙ හැපි හැපි කෑගගහා අඬද්දි අනුරාධගෙ සතුටු කඳුලු ආයෙම අලුත් උනා... ශශිකා අවංකවම අනුරාධ වගේම අහිංස ගැන සතුටු උනා වගේම එයත් එන සතියෙ නිස්සංක එක්ක මෙහෙන් යන්න සේරම ලෑස්ති කරන් තිබ්බා.... මේ ආරංචිය දැන ගත්ත ඇසිලින් වගේම රන්මලී හවස අනුරාධ යද්දි එයා අතේ අහිංසට යවන්න අහිංස ආස කරන නානාප්‍රකාර කෑම ජාති ලහි ලහියෙම හදන්න උනා...

'කැලුමා ගියෙ වාහනේ දාලා ලොරිය අරන් එන්ඩ මම්මේ... කොල්ලව බිම තියන්ඩ බෑ... ඇඳ ගලවගන්ඩ ඕනා.... තව ඇඳුම් ඩිංගක් ගන්ඩත් ඕනා, ශශිකා මෙහෙන් ගියාට පස්සෙ මම්මත් එහෙට එන්ඩ, තනි පංගලමේ මේ ගේ අස්සෙ ඉන්ඩ බෑනේ... අනික මේ කාලෙ අහිංසටත් අම්මෙක්ගෙ සහයෝගෙ රැකවරනේ ඕනැ නොවැ මම්මේ...'

'අනේ ඔව් මයෙ සුදු මහත්තයෝ, මට උක්කුවා දකින කල් ඉවසිල්ලක් නෑ.... අනේ මයෙ හිච්චි කොල්ලා අම්මෙක් වෙන්ට යනවා කිව්වම මට අදහන්නත් බෑ පුතේ... ඒකා තාම පොඩියි නොවැ බන්.... කොල්ලට ඔව්වා තේරෙන්නෙත් නෑ නොවැ....'

කැලෑ මල... (completed)Where stories live. Discover now