හතලිස්වෙනි කොටස (අවසානය)

1.9K 252 208
                                    


'අ...ම්...මා.............'

දොර අරිද්දි දැකපු දර්ශනෙන් අහිංසගෙ ඇස් විශාල වෙද්දි දොර අරින සද්දෙවත් ඇහෙන්නෙ නැතුව වෙන ලෝකෙක හිටිය විහඟි අහිංසගෙ අතේ තිබ්බ ෆෝන් එක බිම වැටෙන සද්දෙන් ඒ පැත්ත බැලුවා වගේම කෙල්ල හොඳටම බය උනා....

*********************************************

'අම්මා ඉන්න........අනේ අම්මා.....'

අහිංස එහෙම්මම දොර වහගෙන ඉක්මනින් පහලට දුවලා යද්දි විහඟි පස්සෙන් දුවන් ආවා වගේම විහඟිගෙ පිටි පස්සෙන් තව කෙනෙක් දුවන් ආවා....

'අනේ අම්මා ප්ලීම් මම කියන දේ චුට්ටක් අහලා ඉන්නකෝ, මම අම්මට කියන්න හිටියෙ අම්මා ඒත්.....'

'ඒත් කිව්වෙ නෑනෙ දෝණි එහෙම නේද.....'

අහිංස පුටුවෙන් වාඩි වෙලා එහෙම අහද්දි තුන්වෙනි පාර්ශවය මේකට මැදිහත් උනා....

'අ..අම්මි....'

'ඔය දරුවා සිංහලද? '

'ඔ...ඔව් අම්මි...'

'මොකද්ද ඔය දරුවගෙ නම....'

'ශෙනායා පීරිස්...'

'වයස.....'

'විස්සයි.....'

විහඟි කියන්නෙ ඇඳුමෙන් පැලඳුමෙන් වගේම ගති ගුණ වලින් පවා කොල්ලෙක් වගේ හැසිරුණ ගෑණු ළමයෙක්, එයාගෙ හිත ගිහින් තිබුනෙ අවුරුදු විස්සක හුරුබුහුටු පුංචි ගෑණු ළමයෙක්ට....

'එන්නකෝ දුව මෙතනට..... බය වෙන්න එපා... අපි කතා කරමු...'

'අම්මා එයා වරදක් කලේ නෑ අම්මා මමයි එයාව ගෙදර එක්කන් ආවේ... ප්ලීස් එයාට.... සොරි අම්මා...'

අහිංස අනිත් වෙලාවට කොච්චර විනෝදෙන් විහිලුවෙන් හිටියත් එයා අම්මගෙ භූමිකාව හරි ලස්සනට කලා, අහිංසගෙ එක බැල්මෙන් විහඟි නිහඬ උනා වගේම එතන ඉස්සරහා පුටුවෙන් වාඩි වෙලා බිම බලාගද්දි ශෙනායා ගිහින් අහිංස ලඟින් වාඩි උනා....

'ජස්ට් රිලැක්ස් දුව....'

ශෙනායා බය වෙලා කියලා තේරුන නිසාම අහිංස ශෙනායගෙ අතින් අල්ලගෙන හිනා වෙද්දි ශෙනායා එක පාරටම අහිංසට තුරුලු උනා....

'අනේ සොරි අම්මි... අපි... අපි ආදරේ කරනවා අම්මි,ප්ලීස් මාව අක්කිගෙන් වෙන් කරන්න එපා අම්මි, මන් එයාට හරි ආදරෙයි අම්මි...මන් ආයෙ සෙහෙ එන්නෙ නැතුව ඉන්නම්, අපි අපි ලොකු වෙනකන් දුරින් ඉන්නම් අම්මි, ප්ලීස් අම්මි අනේ අක්කිට ගහන්න එපා, එයා හරිම හොඳයි අම්මි... අක්කි අහපු ගමන්ම මමයි හා කිව්වේ, මන් මන් එයාට ගොඩක් කල් ඉදන් ආදරේ කරන්නෙ අම්මි.... අපි.. අපි කිස් කලා විතරයි අම්මි ඊට වඩා දෙයක් අපි කලේ නෑ... ප්‍රොමිස් අම්මි.......'

කැලෑ මල... (completed)Where stories live. Discover now