02.කොටස - නමූගෙ තාරා පැටියා🐤

652 138 28
                                    

උදේ මට ඇහැරුනේ ජන්කුක් ගේ නිවුනු ආදරණීය කටහඩ ට. හැබැයි ඒ කතා කළේ මට නම් නෙවෙයි. මං යාන්තමින් ඇස් ඇරල බලද්දින් දැක්කෙ ඊයෙ පොලවෙ ගහපු නිසා ඩිස්ප්ලේ එක ඉරි තැලිල ගිය ෆෝන් එක කනේ තියාන එයා කා එක්ක හරි කෝල් එකක ඉන්නව.

"අයියෝ... මේ අහන්නකො බේබි...."

".............................."

"ඔයාට ඔයාගෙ බාබා ව ශුවර් නැද්ද බේබි.. මාව විස්වාස කරන්න .. මං ඌ එක්ක නිදාගත්තෙ නෑ. මගෙ හැමදේම ඔයාට විතර යි බේබි.. ප්‍රොමිස්.. මේක නිකං ම නිකං කොලේකට සිමා උනු මැරේජ් එකක් විතර යි."

"............................"

"ශුවර් ද අහන්නෙ..? 100% බේබී.. අයිම් යුවර්ස්.. ඒක වෙනස් වෙන්නෑ.. ඔයා මගෙ ඔන්ලි ලව් එකනෙ ආහ්.."

"........................."

"ලව් යූ ටූ යාහ් ජෙනී බෙබී... උම්වාහ්.."

එයා කතා කලේ කාට ද කියල මං දැන් දන්නව. ඒ එයාගෙ ගර්ල්. ඒ තරම් ආදරේ ... එහෙම කතා කරද්දි මට ඇත්තටම ලෝභ හිතුනා.. එ ආදරේ ඕනි නෑ...අඩුම ඒ ආදරෙම් දශමයක් තරම් අනුකම්පාවක් වත් ඔයාට මං ගැන නැද රත්තරන් .. මට කෑ ගහල අහන්න තරම් හිතුනා.

ජන්කුක් කෝල් එක කට් කරනවත් එක්කම රූම් එකේ ඩෝ බෙල් එක රිංග් උනා. ජන්කුක් මං දිහාවට හැරෙනවත් එක්කම මං ආයෙම නිදි වගේ ඇස් පියා ගත්තෙ වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති හින්දා. බිම නිදාගෙන උන්නු නිසා මට ඇහුන ජන්කුක් මා ගාවට එන අඩි සද්දෙ .

මගෙ කොන්දට තදින් පාරක් වැදුන. මං ඇස් පියාගෙන උන්නු නිසා මට පෙනුනෙ නැති උනත් ඒ ජන්කුක් මගෙ කොන්දට පයින් පාරක් ගැහුව කියල නොතේරෙන්න තරම් මගේ මානසික අව්ලක් තිබ්බෙ නැ.

"ඒයි.. නැගිටපං.. ගිහින් අර බලපන් කව්ද ඇවිත් ඉන්නෙ කියල. රූම් සර්විස් බෝයි නම් කියපං තව පොඩ්ඩෙන් අපි මෙහෙන් යනව එතකොට ඇවිත් අස් කරන්න කියල"

"කොහෙද යන්නෙ ?"

"මට උබ එක්ක මෙහෙ හනිමූන් ගන්න ඕන් නෑ.. ලෑස්ති වෙයන් ගෙදර යන්න. "

අපිට හොටෙල් එක දවස් තුනකට බුක් කරල තිබ්බ උනත් ජන්කුක් ගෙ තීරණය ට පිටින් යන්න බෑනෙ මට. එයා මගෙ හස්බන්.. එයා කැමති දේට මං කැමති වෙන්න ඕනි. ඉතිං මං නැගිටල ගිහින් රූම් එකේ දොර ඇරියා.

Inside y♥u (completed)Where stories live. Discover now