12 ♡

2.7K 471 395
                                    


හායි ඕයි...

මං මේ අරකි එක්ක චැටක් දාලා... ඒකිවත් හොස්ටලේට ඇරලවලා.. ආයෙම හොස්ටලේට ආවා විතරයි..අනේ මන්දා ඒකිත් මහ වෙලාවකට මල තාච්චික් බං... චැට් කරනකොට එක විදියක්  .. ළඟට ආවම එක විදියක්.. මල විකාර ලැජ්ජාවල් එව්වා...ඕයි හැම කෙල්ලම එහෙමද බං ?
ඔව් නේහ් බං...තවම පලවෙනියට මීට් උනා විතරනෙ..පස්සෙ හරියයි ඔ ඕ....

හම්මෝහ්හ්හ්හ් පට්ටම මහන්සියි බං... අනේ මහන්සි එන්න කරපු ඇටයක් නං නෑ තමා... ඒ උනාට ඒකි එක්ක කතා කරලම මට මහන්සියි... ඇයි යකෝ ඒ ගෑනි කටක් ඇරලා කතාවක් කරන එකක් යැ..හහ් !! මගෙ කට පව් ...

ආ ආවද ප්‍රේමවන්තයා ...
මං රූමට එන්ටර් වෙනකොටම හොබීතයා මල් හිනාවක් දාලා මාව නෝන්ඩියට ගන්නකොට ෆෝන් එක ඔබ ඔබ හිටිය බිලාලයාත් ඔලුව උස්සලා බැලුවා...

තෝ කොහෙටද එකපාර මකබෑවුනෙ ...
අන්න දැක්කද... දැක්කද.. මං කිව්වෙ ඕයි...ඔය ඔමරි පාංකඩයට අපි මැරුනත් වගේ වගක් නෑ කියලා...අර.. !!
පරයට දැන් තමා මතක් උනේ මං මෙච්චර වෙලා හිටියෙ නෑ කියලා..

" පැනිමුලේකට ඇයි !?"
මං පචයක් දෙසාබාලා ඒකව ගනන් ගන්නෙ නැතුවම බාටා දෙකත් එක්කම ඇඳේ පඩි නැගලා ,
ඇඳේ උඩටම ගිහින් බාටා දෙක පල්ලැහැට විසි කලා..

ඔන්න ඔන්න... දැන් හොබීතයා දෙස් දේවාලෙ පටන් ගයි ඈ... මං ඔය ඕකව සුට්ටක් අවුස්සගන්නම තමා ඕක කරේ..හේ හේ...අද උදේ ඉඳලා මිනිහව අවුස්ස ගත්තෙ නෑ...ඒකාගෙන් බැනුමක් නැතුව පට්ට මූසලේ හිටියෙ ඕයි..හුම්..

ඊළඟ දවසෙ තොගෙ බාටාවක ගූ බෙට්ටක් උලන් ඇවිත්
මූනෙ උලනවා දැනගං පරයා !!
අන්න අන්න පටන් ගත්තා මගෙ පිස්සෝත්තා...

" උඹෙ බෙට්ටක්ම අරන් වරෙන් හාත ... ගොම මූනෙ ගෑවම ලස්සන වෙනවලු හුම්.. "
මං දැනුන් නෑ වගේ කිව්වම පොර ඇඳෙන් දකස් ගාලා බැහැලා මගෙ ඇදේ ඉනිමගේ බාගයක්ම නැග්ගා..

බෙට්ට උලන්න කලින් පල ගිහින් නාගෙන වර ගොං පඩත්තරයා...!!
ආපු ගමන් නැග්ගා ඉතින් ... චික් බලහන් ගඳ උඹෙ...


" නැග්ගා ? කෝ කාටද ? ".


මට කියලා නග්ගගන් නැතුව කරුණාකරලා බැහැලා ගිහින් නාගෙන වරෙන්...
තොට මොකද ඕවගෙ කුණු පිරුණම මං එපැයි ගිහිල්ලා දියගහන්න...
බැහැප්පිය !!! කිව්වම !! අවලං බල්ලා !!


ඉ+ලව්Where stories live. Discover now