කාලය හිමින් හිමින් දින සති මාස කාටත් නොදැනීම ගෙවිලා ගියා. දැන් අපේ හුරතලේට අවුරුදු දෙකකුත් පහු වෙලා.... ඉතින් අද මෙ පුන්චි පවුලට විශේෂ දවසක් කිව්වොත් හරි. එ නිසා අද හැමෝම වෙනදටත් වඩා උදෙන්ම ඇහැරලා.
" ජන්කුකී.. ඉක්මනට ලෑස්ති වෙන්න බබා.. දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ... හ්යුන්ග්ලා ගෙවල් වලින් පිටත් උනාලූ..."
බොටමකුයි ටීශට් එක්කුයි ඇඳන් නෝමල් ලුක් එකකින් සැරසිලා ඉන්න ටේහ්යුන් අතින්ම එයාගෙ අපිලිවෙල කොන්ඩෙ පිලිවෙලකට හදන ගමන්ම ජන්කුක්ට කතා කලේ ලොකු සූට් කේස් දෙකක් ගෙදරින් එලියට දාන ගමන්..
" හරි බබා කැ ගහන්න එපා.. මේ එනෝ..."
ඇඳ අස්සෙ තියෙන සෝහගෙ සපත්තුවක් බිම දණ ගහගෙන හොය හොය හිටපු ජන්කුක් සපත්තුවත් අතෙ තියාගෙන නැගිටින ගමන් කීවා.
" අප්පා... අපි කෝද යන්නෙ.."
එයාගෙ චූටි කකුල් වලට එයා ආසම අයන් මෑන් ඉන්න සපත්තු දෙක දාන ජන්කුක්ගෙ ඔලුව දෙපැත්තෙන් අල්ලගෙන චූටි සෝහා කටත් උල් කර කර ඇහුවේ මෙ දවස් ටිකේම ගෙදර හරි කාර්යබහුලව තිබුන නිසා. මොකද සෝහට දැන් ටික ටික තේරෙනවා. ඉතින් පහුගිය දවස් වල තිබුණ එ කාර්යබහුල බව එයාට කුතුහලයක් ගෙන දුන්නා..
" අපී.... අද..... චූටී... ගමනක් යනවනෙ මැණික..."
" ඉතින් කෝද.. බීච් ද.. අනෙ බීච් යමුකෝ..."
" බබා ආසයිද බීච් යන්න.."
" ඔව් අප්පා.. බබා හලි ආතයි.. දැදාවත් එක්කන් යනො නේද අපි.."
" ඔව් පැටියො. හැබැයි බීච් යන්නෙ හවස. දැන් යන්නෙ වෙන ගමනක්.."
" හ්ම්ම්..."
" හලී.. කො එන්නකො ඩැඩා කියනව පරක්කු වෙලා කියලා ඉක්මනට යමු එන්නකො"
ජන්කුක් සෝහව වඩාගෙන ඉක්මනින් රූම් එකෙන් එලියට ආවා.
" අප්පා.."
" කියන්න මැණික"
" කීම් ගාන්න බබාත"ත"
මේක දැන් හරි කෝලමක් වෙලා... කොහෙ හරි යනව නම් එයාගෙ බේබි ක්රීම් එක අනිවාරෙන්ම ගාන්න ඕන සුවද ගහන්න. අප්පා තමා ඕව පුරුදු කරලා තියෙන්නෙ. අප්පටත් සුවඳ නොගහ ගෙදරින් එලියට බහින්න බෑ. ඒත් අද මෙ මුකුත් නෑ..
DU LIEST GERADE
Is It A Dream? ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)
Fanfictionඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction