සුගා හිටියෙ බීච් එකේ කෙලවරක වාඩි වෙලා අත් දෙකත් පිටිපස්සට කරලා තියාගෙත අත් වලට බර වෙලා එයාට ඉස්සරහින් සෙල්ලම් කරන බබාලා දෙන්නෙක් දිහා බලාගෙන..
බබාලා දෙන්නෙක් කිව්වට එක්කෙනෙක් චූටි බබෙක් අනිත් එක්කෙනා ලොකු බබෙක්.. දැන් හවස හතර හමාරට විතර ඇති. අලුත් කපල් එක හනිමූන් එකට යවලා සුගා ජිමින් එක්ක සෝහව එක්කන් බීච් එකට ඇවිත්..
ඉතින් මෙ බබාලා දෙන්නා අත් දෙක අල්ලගෙන වැල්ල දිගේ දුවන් ගිහින් රැල්ල පාගලා ආපහු පස්සට දුවන් එනවා. චූටි බබාට වඩා ලොකු බබා රැල්ලට බයයි වගේ..
සුගා ඉතින් සැර මූනක් දාගෙන එ දිහා බලන් හිටියත් දෙන්නගෙ දඟ වැඩ නිසා එ මූණට හිනාවක් ආවෙ නැතුවාම නෙවෙයි.
" සුගා සම්තොන්.. සුගා සම්තොන්න්..."
එතන හිටිය චූටි බබා එක පාරම වැටි වැටි සුගා ලඟට දුවන් ආවා.. වැල්ල එරෙන නිසා හරියට ඇවිදගන්න අමාරුයි බබාට.. ඉතින් අඩියක් ඉස්සරහට තිබ්බ්බත් අඩි දෙකක් විතර ආපස්සට ගිහිල්ලා ඉන්දවෙනවා..
" ඇයි චූටියෝ..."
" සම්තොන් එන්නකො... බබාත සම්තොන් ඕනේ.."
චූටියා ඇවිත් සුගාගෙ ඔඩොක්කුවෙන්ම දඩස් ගාලා වාඩි වෙලා ශර්ට් එකේ කොලර් එකෙන් අදිනවා..
" යම්ම්ම්ම්ම්...."
" ඇයි අර සම්චොන් හොඳ නැද්ද සෝහා...."
" දිමින් සම්තොන් හොඳයී.. ඒත් සුගා සම්තොන් නැතුව බබාත පාලුයිනෙ.."
" හරි හරි යමුකො එහෙනම්.."
සුගා වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා කලිසමෙ කකුල් දණහිස් වෙනකන් නවාගෙන බබාගෙ අතින් අල්ලන් ජිමින් හිටපු තැනට ඇවිදන් ආවා.
සුගාගෙ අතින් අල්ලන් හිටපු අතින් නෙවෙයි අනිත් අතින් ජිමින්ව අල්ලගත්ත සෝහා ආයෙත් වයින් කරපු බෝනික්කෙක් වගෙ සම්චොන්ලා දෙන්නව ඇදගෙන රැල්ල එන දිහාවට දුවන් ගියා...
" යාහ් හිමින් පැටියෝ... බබා වැටෙයී.."
සුගා ටිකක් කම්මැලියි වගෙ සීතල වතුර පාගන්න. ඉතින් වතුර ලඟට ගිහින් වතුර පාගන්නැතුව බබාව උස්සලා අරන් අඩි දෙකක් විතර ආපස්සට ආවා..
VOUS LISEZ
Is It A Dream? ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)
Fanfictionඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction