කරුවල වැටිලත් ජාන් තවම පේන්න නැති නිසා ජාන්ව හොය හොය හිටපු යීබෝ දැක්කේ සොහොන ගාව දණින් වැටිලා ඔහේ බලාගෙන ඉන්න ජාන්ව....
*********************************************
සැඳෑ අඳුර මුළු සොහොන් පිට්ටනියම වහ ගනිද්දී ජාන් අත්තම්මගේ සොහොන ලඟට වෙලා කල්පනා කලේ දැන් ආත්තම්මත් නැතිව එයා මේ ලෝකෙ මොනවද කරන්නේ කියලා.
කාත් කවුරුත් නැති ජාන්ගෙ දුකට සැපට හැම දේටම එයාගේ නෑදෑයෙක්ට කියලා හිටියේ අත්තම්මා විතරයි. අත්තම්මා සදහටම යන්න ගියත් ජාන්ට ඒ ගැන ලොකුවට දුකක් නොදැනුනේ එයා අත්තම්මා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම එයාට පුළුවන් උපරිමෙන් අත්තම්මා ජීවත් වෙලා ඉන්න කාලේ කරලා දීපු නිසා.
ලොකු ලොකු දේවල් කරන්න බැරි වුනත් ජාන් ගෙදර දොරේ වැඩපළ, කඩේ වැඩ වලට අත්තම්මට වැඩිය මහන්සි වෙන්න දුන්නේ නෑ. අත්තම්මගේ හිත නොරිදෙන විදියට වැඩ කරන්න ජාන් පුංචි කාලේ ඉඳලම පුරුදු වුනේ එයා අත්තම්මට ගොඩක් ආදරේ නිසා. ඉතින් ඒ නිසා එයාට පසුතැවෙන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ.
මිනිස්සු මැරුණට පස්සේ ගුණ ගායනා කරනවට වඩා ඒ මිනිස්සු ජීවත් වෙන කාලෙදි හොඳට සලකන එක තමයි වැදගත්ම දේ.
ජාන්ට ඒ හිතේ සැනසීම අඩු නැතුව තිබුණා. කල්පනා ලෝකෙ හිර වෙලා හිටපු ජාන්ට අඳුර වැටෙනවා වත්, තමන් ඉන්නේ සොහොන් පිට්ටනියේ කියලා වත් සිහියක් තිබුණේ නෑ.හොඳ සිහියෙන් ඉන්න වෙන කෙනෙක් නම් මේවගේ වෙලාවක සොහනක ඉන්න එක එච්චර හොඳ අදහසක් කියලා හිතන එකක් නෑ.ඒත හිතේ තියෙන ප්‍රශ්න බරපතල වෙනකොට හොල්මන් වගේ ලාමක දේවල් වලට හිතේ ඇතිවන බය වගේ දේවල් නැත්තටම නැති වෙලා යනවා. ජාන්ටත් දැන් ඒ වගේ.
අන්තතිම වතාවට ජාන්ට ආත්තම්මත් එක්ක තනි වෙන්න දීලා හැමෝම එලියට ආවේ ජාන්ගෙ මනස ටිකක් හරි සන්සුන් කරගන්න දෙන්න ඕන නිසා. යීබෝ වුනත් ජාන්ට කතා නොකර ම එලියට ආවේ ඒ නිසා. අඳුරු වැටිලත් ජාන් තාම ආවේ නැති නිසා ආයෙත් සොහොන් පිට්ටනිය ඇතුලට ගියපු යීබෝ අත්තම්මගේ සොහොන දිහාවට යද්දී දැක්කේ ඉඳපු ඉරියව්වෙන්ම එහෙම්මම ගල් පිලිමේ වගේ ඉන්න ජාන්ව. ළඟට ගිහින් ජාන්ට කතා කලත් එයා කතා නොකරද්දි එයා ඉන්නේ මේ ලෝකෙ සිහියෙන් නෙමේ කියලා දැනගත්ත යීබෝ ජාන් ගාවින් දණ ගහගෙන ජාන්ගෙ උරහිස උඩින් එක අතක් තියලා කතා කරන්න පටන් ගත්තා.
YOU ARE READING
My Little Flower (Yizhan ff💯✅)
Fanfictionආදරය කියන්නේ වචනෙන් කියනවට වඩා හදවතට දැනෙන්න දෙන එක.... ❤️❤️❤️