යීබෝ ජාන්ගෙ නළලට හාදුවක් තියලා උඩ තට්ටුවට ගියේ වොෂ් එකක් දාන් එන්න. කොල්ලා තාම ඉන්නේ ඊයේ ඇඳපු කිට් එක පිටින්.....ජානුත් සෝපාව උඩ ඉඳගෙනම වටේ කැරකි කැරකි අලුත් ගෙදර ලස්සන බල බල හිටියේ එහෙ මෙහෙ ඇවිදලා තුවාලෙ ඔද්දල් වුනොත් යීබෝගෙන් විසුමක් වෙන්නැති නිසා......
************************************
කාලය ගෙවිලා යන්නේ ඇසිපිය ගහන වේගෙටත් වඩා ඉක්මණින්. දැන් ජාන් යීබෝගේ ගෙදරට ඇවිත් සතියක් ගතවෙලා ඉවරයි. එදා ජාන්ට තුවාල වුන නිසා වැඩිය මහන්සි නොවී පහසුවෙන් ඉන්න යීබෝ ජාන්ට පල්ලෙහා තට්ටුවේ කාමරයක් වෙන් කරලා දුන්නා. මෙච්චර කල් යීබෝ ජීවත් වුනේ උඩ තට්ටුවේ වුනත් ජාන්ව පරිස්සමට බලා ගන්න ඕන නිසා එයත් එදා ඉඳලා පහල තට්ටුවේ වෙන කාමරේකට තාවකාලිකව මාරු වුනා. යීබෝ මේ සතියෙම ඔෆිස් නොගිහින් ගෙදරට වෙලා ඔෆිස් එකේ වැඩ ටික හැන්ඩ්ල් කලේ ජාන් දඟ කරලා ආයෙත් තුවාල කර ගනී කියලා බය වුන නිසා.
ජාන් කියන්නෙම දඟ මල්ලක්. තුවාල කකුල අද්ද අද්ද හරි ගෙදර එහේ මෙහේ ඇවිදින්නේ යීබෝගෙන් දකින දකින පාරට බැනුම් අහ අහ. ඒපාර බැනුම් අහලා ගිහින් පැයක් දෙකක්ම කරන්නේ යීබෝට ගස්ස ගස්ස රව රව පුටුවකට ගුලි වෙලා ඉන්න එක. එහෙම නැත්නං ටීවී බලන එක.
ටීවී බලන වැඩේට නම් ජාන් උඩින් ම කැමතියි. මොකද ජාන්ට අත්තම්මා ගාව ඉද්දී ටීවී බලන්න හම්බ වෙලා නෑ. ඒ පුංචි ගෙදරට කොහෙන්ද ටීවී එකක් ඉතින්. උදේට කාටුන් බලන්න වාඩි වුනාම මේකා උදේට කන්න එන්නෙත් නැතුව ටීවි එකටම ඇලිලා ඉන්නවා. අදත් ඉතින් ඒ වගේ දවසක් තමයි.
ජාන්, එන්න කෑම කන්න.
.....................
ජාන්..
ඇයි?
ඕක නවත්තලා එන්න කෑම කන්න.
හා.. හා..
.
.
.
.
.
ජාන්, මොකද තාම නැත්තේ? මේ කෑම එක නිමෙනවා ළමයෝ.හරි... ත්.තව චුට්ටයි...
චුට්ටයි චුට්ටයි ගගා දැන් විනාඩි කීයක් ගියාද ජාන්? මෙන්න මෙහෙ එනවා කන්න මට කියලා කන පලා ගන්නේ නැතුව.
YOU ARE READING
My Little Flower (Yizhan ff💯✅)
Fanfictionආදරය කියන්නේ වචනෙන් කියනවට වඩා හදවතට දැනෙන්න දෙන එක.... ❤️❤️❤️