ආයිමත් දවසක...38

559 112 18
                                    

ආයිමත් දවසක....38

ආයිත් කට්‍ටිය කොලබට එද්දි ටිකක් පරක්කු වෙලා තිබ්බා හරිදු දිගටම කාර් එක අරගෙන ආව නිසා බිනර යශිර එක්ක පිටිපස්සෙන් වාඩි වෙලා ආවෙ නුවර ඉදන් එද්දි එයාල අතර උන කතා බහ ගැන ආයිමත් හිතන ගමන්...
යශිර කොහොමත් වැඩිය කතා බහක් තිබ්බෙ නෑ බිනරගෙ හිතට දැනුනෙම යශිර ගොඩාක් ලොකු දෙයක්
හිතේ තියාගෙන ඉන්නව වගේ...

හරිදු බිනරට එයාලගෙ ගෙදර ඇවිල්ල යශිරත් එක්ක ඉන්න කියද්දි වත් යශිර ඒකට විරුද්දව වචනය්ක් වත් කිව්වෙ නෑ එයා කරපු එකම දේ බිනර දිහා බලල අහිංසක විදිහට හිනා වෙන එක....අනික හරුදු යාශිරගෙන් කලින්ම මේ ගැන අහන්න ඇති කියලත් පස්සෙ බිනරට හිතුනා...

බිනර යශිරට එයාගෙ පාඩුවෙ ඉන්න දීලා හරිදු එක්ක.කතා කර කර ආවෙ ඉස්සරහට කරන්න තියන වැඩ ගැන ..

හරිදු කාර් එක ආයි මග නතර කරේ තේ ටිකක් බීල යමු කියන්න වගේ ඒත් යාහිර කාර් එකෙන් බහින පාටක්.තිබ්බෙ නෑ..

" සුදූ...තේකක් බොන්න යමු..."

හරිදු කියන ගමන් එයා දාගෙන ඉදපු සීට් බෙල්ට් එක ගහවලා දැන්මා...

" මට එපා ලොකූ මන් ඉන්නම් ඔයාල බීල එන්න ගිහිල්ලා.."

යශිර කියද්දි ඔක්කොම යශිර දිහා බැලුවෙ යශිර හොදින්ද කියල දැනගන්න වගේ...

" සුදූ... ඔයා හොදින්ද අසනීපෙන් වගේ ඇයි..."

අක්ක අහද්දි බිනරත් ඇස් ලොකුකරන් යශිර දිහා බලන් ඉදියෙ හරිදුල ඉන්න තැන කලබල වෙලා වැඩ කරන්න බෑ කියලා එයා එයාටම මතක් කර ගනිද්දි..

" නෑ නෑඅ අක්කෙ මට තේ ඕනි නෑ වගේ ඒකයි ඔයාල බීල එන්න මන් පොඩි නින්දක් දාන්නම් එත කම්..."

"හ්ම්ම්..... ඇත්තම නේද ඔය කියන්නෙ..."

"ඔව් ඔව්...ඔයාල.ගිහිල්ල එන්නකො...."

"හරි අපි ටක් ලාග එන්නම්.."

"අනේ ඔයාල ගිහිල්ල නිදහසේ තේකක් බීල එන්න මන් හොදින් ...."

.......................................................................

ලොකු අයිය අක්ක වගේම හරිදු කඩේ ඉහාට යනවා බලාගෙන යශිර ලොකු හුස්මක් හෙලුවෙ ටිකක් හිත සැහැල්ලු කරගන්න...

ආයිමත් දවසක .Where stories live. Discover now