Introduction

651 125 21
                                    

මං description එකේ කිව්වා වගේම මේක කතාවක් නෙවෙයි..description එක කියවලා එන්න කවුරු හරි කියවනවා නම්..මට දවසක එයාට කියන්න ඕනි ඒවා ඔයාලත් එක්කත් share කර ගන්න හිතුනා..මොකද මං මුලින් එයාගැන කිව්වාම ඔයාලා මට ගොඩක් උදව් කරා..

ඔයාලාට මතකද මං මගේ ඔෆිස් එකේ කොල්ලෙක් ගැන කිව්වා මීට අවුරුද්දකට කලින්..ඉතින් මේ ලියන්නේ එයාට.

එයා දැන් දන්නවා මං එයාට ආදරෙයි කියලා..ඒත් ඒ මං කියලා නෙවෙයි..මගේ ඔෆිස් එකේ උන්න යාළුවා ඒක ඔෆිස් එකේ අනිත් අයට කියලා ඒ දේ හරිම අසුන්දර විදිහට උනේ...ඒත්..අසුන්දර මතකෙන් පස්සේ ඒ කතාවේ සමහර තැන හරි සුන්දර විදිහට ලියවුණා එයා නිසා..

ඉතින් ළමයි..එයා ගැන ආයෙම කිව්වොත් හරිම ගුප්ත කෙනෙක්..එයාගේ feelings,එයාගේ පෞද්ගලික ජීවිතේ කාත් එක්කවත් share කර නොගන්න කෙනෙක්..වැඩකරන්න ඇබ්බැහි උන කෙනෙක්..aim එකක් තියාගෙන සද්දේ නැතිව ඒ aim එකට යනකෙනෙක්..එයාගේ ගමන කවුරුවත් බාධාවක් කර නොගන්න කෙනෙක්.

එයා රට ගියා ළමයි..masters කරන්න..දැන් හරි busy..ආයේ මේ ගෙවිලා යන්නේ එයා එකම එක දේකට විතරක් එයාගේ අවදානේ දෙන කාලයක්..ඉතින් ඉස්සර වගේ මට හිතෙන හැමදේම දැන් එයාට කියන්න මට බෑ..මොකද එයාට බාධාවක් වෙන්න මං කැමති නෑ..

ඉතින් අද නිකන් ඉන්න ගමන් හිතුනේ..මේ පිස්සු අදහස..මං දන්නවා වැඩකට ඇති මඟුලක් නෙවෙයි මං මේ wattpad දාන්නේ..ඒත් හොඳම යාළුවා එක්ක පවා share කර ගන්න confidence නැති හැඟීම් මං මේකේ ලියන්න හිතුවා..ඔයාලා එක්ක share කර ගන්න හිතුනා..මට ඕනි දවසක එයාට පෙන්නන්න memory එකක් කරන්න මේක..හරියට ප්‍රතාප්ට මඟහැරුණු නෙහාරගේ අවුරුදු හතර වගේ..මගේ හැඟිම් මම හංගනවට වඩා share කරගන්න එක මට හයියක් වෙයි හිතනවා

කවුරු හරි එකම එක්කෙනෙක් හරි මේක කියවනවා නම් ඔයාලාට අවංකව හිතෙන දේ මේකේ අකුරු කරගෙන යන්න..

ගොඩක් ස්තූති....

නුඹට මා මුණගැසෙන තැනWhere stories live. Discover now