2024/04/30

100 20 5
                                    

සමහර දවස් ගෙවිලා යන්නේ මහා අන්ත අසරණ විදිහට වෙද්දි..සමහර දවස් පටන් ගත්තෙත් අන්ත අසරණ විදිහට..හරියට අද වගේ..පාන්දර 2.30..උදේට ඇහැරෙන්න වෙන්නෙත් ඉදිමුණු ඇස්,කළු ගැහුණු ඇස් යට පැල්ලම් එක්ක වගේම තද ඔලුව කැක්කුමක් එක්ක.

"මං වෙනුවෙන් බලාපොරොත්තු තියාගන්න එපා..කිසි තේරුමක් නෑ.."

ඔයාගේ ඒ වචන ටික මං හිතුවේ මාව මැරුවා කියලා..මාව හිස් කලා කියලා..මගේ හැඟීම් මරලා දැම්මා කියලා..පෙබරවාරි 19 ඉදලා මේ වෙනකොට මාස දෙකකුත් ගෙවිලා.මං හිස්වෙයි කියලා මට හිතිලා මාස 2යි දවස් 11ක් ගෙවිලා.කරුමෙට මං හිස් උනේ නෑ..කරුමෙට මගේ හැඟීම් මැරුණේ නෑ වගේම..කරුමෙට මට උඹව අමතක වෙන්නේ නෑ..කරුමෙට මගේ ආදරේ දශමෙකින් අඩුවක් වෙන්නේ නෑ.

ඔයා ඔය වචන ටික කියන්න කලින් දවසක මං හදන්න පටන් ගත්තා ඔයත් එක්ක ගත කරන අනාගතේ ගැන හීන ලිස්ට් එකක්..දවසට එක හීනේ ගාන එකතු කරන්න හිතාගෙන..යන්තම් හීන පහයි ලියාගන්න පුළුවන් උනේ..

දැන් මට හීන නෑ..හිනාවෙවි ආදරේ පුරෝගන ලියපු හීන දකිද්දි මට දුකයි.හීන හීන විතරක්ම වෙනකොට මිනිස්සුන්ට දැනෙන්නේ මොන දුකක්ද..?

මං ඔයාගෙන් ඈත් උනා.ඉස්සර සිකුරාදා වෙනකල් ඔයාට මැසේජ් එකක් දාන්න බලන් උන්නු මං දැන් සිකුරාදාවල් ඔහේ ගෙවලා දානවා..ඉස්සර වරද්දන්නේ නැතිවම ඔයාගේ පෝස්ට් වලට දාපු react දැන් ආසාවකටවත් මම දාන්නේ නෑ.

උඹට මගේ මැසේජ් එකක් නැතිව පාළු දැනුනේ නැද්ද අයියේ..?උඹ ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියපු වෙලේ වෙනදා වගේ හෑලි ලිය ලිය අඩන්නේ නැතිව "හරි අයියේ" කියලා විතරක් අයින් උනු කෙල්ලෙට රිඳුණු තරම දැනුනේ නැද්ද..?

මං දන්නවා ඒ වචන ටික මට නොරිදෙන්න කියන්න උඹ ක්‍රමයක් හොයන්න ඇති..ඒත් බැරි උනා නේද?ඔයාටත් රිදුණානේද..?මං දන්නවා..ඔයාට රිදෙනවා..ඔයාට ඉස්සර ඉදලම ඔයා මත්තේ නැහුණු මං නිසා රිදුණා..ඒ නිසා හිත නොරිදවා ඉන්න ඔයා අවුරුදු දෙකක් තිස්සේ උත්සහා කලා.අන්තිමට ඔයාටත් බැරි උනා මට නොරිදවා ඉන්න..මටත් බැරි උනා ඔයාට නොරිදවා ඉන්න..

Your eyes
Tears that flow
Sadness is drained
Don't worry poo❤

ඒක නිසා නේද ඔයා ඔයාගේ fb wall එකේ එහෙම සටහනක් දැම්මේ..?

ඒත් තවමත් කඳුළුවත් මගේ දුකවත් වේලිලා ගියේ නෑ අයියේ..
මං මැරුණේ නෑ..මගේ හැඟීම් මැරුණේ නෑ..මාව හිස් උනේ නෑ..

මට තාම හැඟීම් තියෙනවා..කලින්ටත් වඩා දුක,කේන්තිය,වේදනාව,පාළුව හොඳටම දැනෙනවා..මාව හිස් උනේ නෑ..මාව පිරුණා හිස්කමින්.

හීන මැරුණේ නෑ..මං මවපු හීන හැම එකකම පාට මැකුණා..

බලාපොරොත්තු මැරුණේ නෑ..තාම හිතේ කොනක ඔයා මට කතා කරයි කියන බලාපොරොත්තුව තියෙනවා..බලන් ඉන්නවා එකපාරක් දකින්න හරි..එදාට පුළුවන්නම් මට පොඩ්ඩක් ඔයාගේ අතින් අල්ලගන්න දෙන්න..මගේ දිහා බලාගෙන "අඩන්න එපා කියන්න"..පුළුවන්නම් ඔලුව පොඩ්ඩක් අතගාන්න.

මං තවත් බලන් ඉන්නවා..!


You've reached the end of published parts.

⏰ Last updated: Apr 29 ⏰

Add this story to your Library to get notified about new parts!

නුඹට මා මුණගැසෙන තැනWhere stories live. Discover now