2023/09/20

313 58 23
                                    


අයියේ...

මං දන්නවනේ ඔයා හරි busy කියලා..ඉස්සර දිග හෑලි type කරලා ඔයාට එව්වාට දැන් හිත දෙන්නේ නෑ එව්වා කරන්න..මං දන්නවා ඔයාට දැන් බාධා කරන්න හොඳනැහැ කියලා..මොකද  මං ඔයා ගැන දන්නවනේ..ඔයා කැමති නැහැ ඔයා වැඩක් කරද්දි ඒකට බාධා වෙනවට..ඔයාගේ මනසික ඒකාග්‍රතාවයට බාධා කරනවට..ඔයා මොකක් හරි පටන් ගත්තොත් ඔයා focus කරන්නේ ඒකටමයිනේ..මං ඔයාව දන්නවා..ඉතින් මට දැන දැන ඔයා ඔයාගේ ජීවිතේ යන ඉලක්ක වලට පුංචි හරි බාධාවක් වෙන්න මං කැමති නෑ..මට ඕනි ඔයාගේ හෙවණැල්ල පස්සේ එන්න මිසක් ඔයාගේ ඉස්සරහට ඇවිත් බාධකයක් වෙන්න නෙවෙයි..ඔයාට හයියක් වෙන්න ඕනි උනත් ඔයාට කාගෙවත් හයියක් ඕනි නෑ..මොකද ඔයා කීයටවත් ඔයාගේ කිසිම දෙයක් කා එක්කවත් share කරගන්න කැමති කෙනෙක් නෙවෙයි..ඉතින් මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ ඔයාට යන්න දීලා ඔයාගේ හෙවනැල්ල පස්සෙන් එන එක..ඉතින් මං ඒක කරනවා..ඔයාට කියන්න ඕනි හැමදේම මං මේකේ ලියන්නම්..ඔයාට මගහැරෙන මාව මං මේකේ ලියන්නම්..ආදරේ කරන්න පටන් අරන් දෙවෙනි අවුරුද්ද ගෙවිලා යද්දී මං මේක ලියන්නම්..මං බලාපොරොත්තු වෙනවා මේ පළවෙනි පරිච්ඡේදය වගේම ඔයා ගැන ලියන අන්තිම පරිච්ඡේදයත් මගේ ආදරේ උතුරලා යන විදිහට ලියන්න පුළුවන් වෙයි කියලා.

"මං ඔයාට හරි ආදරෙයි අයියේ.."

මං ඔයාට අයිති වෙයිද නොවෙයිද මං දන්නේ නෑ..ඒත් මං හිතනවා කවදාහරි මං වෙනම මනුස්සයෙක් වෙලා උන්නත් මං එදත් මේ විදිහටම ඔයාව මතක් උනාම හිනාවෙලා අහස දිහා බලාගෙන මුමුණයි.මං ඔයාට හරි ආදරෙයි අයියේ කියලා.

මොකද ඔයා ගැන දන්න මං හොඳටම දන්නවා ඔයා ජීවත් වෙන්නේ ඔයාටම කියලා වෙනම ලෝකයක් හදාගෙන..ඒ ලෝකේ ඇතුලේ ඉඩ ඇත්තේ කීප දෙනෙක්ට විතරයි.මම තියා ඒ ලෝකේ ඇතුලේ ඔයාගේ පවුල ඉන්නවද කියලවත් මම දන්නේ නෑ..හැබැයි ඒ ලෝකේ ඇතුලේ sure එකටම ඔයයි ඔයාගේ ඉලක්කයි හුස්ම ගන්නවා..ඔයා හුඟක් දුර ඇවිත් ඔයාගේ මහන්සියෙන්..කවදාහරි කියන්න ඔයාටත් ලොකු කතාවක් ඇති..මං දන්නවා ඒ කතාව ඇතුලේ මමත් ඉන්නවා..ඔයා යන්තම් හරි කියයි "ඒ කාලේ හිටියා ආදරෙයි ආදරෙයි කිකියා පිස්සුවෙන් හේතුවක් නැතිවම මට ආදරේ කර පුංචි හිතුවක්කාර කෙල්ලෙක්"  කියලා..

ඔයා ඔයාගෙම ලෝකේ ඉලක්ක හදාගෙන ජීවත් වෙද්දි උනත්..ඔයා ඔයාට බාධා කරන්න කාටවත් ඉඩ නොදුන්නා උනත් ඔයා අවුරුදු දෙකක් තිස්සේ මාව ඉවසන තරම,මගේ පුංචි පුංචි මෝඩ රණ්ඩු දරාගන්න තරම, පුළුවන් උන ගමන් ඇවිත් පුංචි emoji එකකින් හරි මට rfly කරලා මගේ හිත නොරිදවා ඉන්න උත්සහා කරන තරම දන්නේ මං විතරයි..ඉතින් ඔයා ගැන කිව්වම හැමෝම බනිනවා..ඔයිට හොඳයි ගල් පිලිමෙකට කියපං කියනවා..ඒත් මං දන්නවා ගලක් වගේ ඔයා ඔයා මත්තේ වැටිලා පැලවෙන්න දඟලන මාව දරාගන්න තරම..මගේ පිස්සු කතා වලට ඔයා ඉඩදීලා මාව නොරිද්දවන්න ඔයා දරන උත්සහය.

ඔයා දැන් රට..අපි ඇහැට දැකලා නෑ අවුරුද්දයි මාස තුනක්..කට්ටිය කිව්වට රට ගියාම ඔයා වෙනස් වෙයි කියලා ඇයි මං දන්නේ නෑ මං ඔයා ගැන over confidence එක්ක ඉන්නේ කියලා..මොලේ මට කියනවා ඕනිවට වඩා විශ්වාස කරන්න එපා කියලා..ඒත් ඒ මොලේම ආයේ මට පහදනවා ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා.

ඉතින් තැන්ක් යූ මේ පිස්සු කෙල්ලව දරාගන්නවට,ඉවසනවට,ඔයා කියනවා වගේ ඔයාට පිස්සු හැදෙන මගේ කතා ඉවසන් ඉන්නවට..අද වෙනකල් මගේ හිත රිදෙන එක වචනයක් නොකිව්වාට..මගේ ආදරේට මගේ හැඟීම් වලට අපහස නොකර ගරු කරනවට..ඉතින් උඩදි කිව්වා වගේ ඔයා මට අයිති නොවුනත් මං වෙනකෙනෙක්ට අයිති උනත් අද වගේම එදාටත් මං ඔයාට හරි ආදරෙයි අයියේ කියයි කිව්වම පුදුම උනා නම් දැන් තේරෙනවා ඇති ඇයි මං එහෙම හරි විශ්වාසෙන් කියන්නේ කියලා.

ඉතින් මේ මට ආදරේ නොකරත් මට ආදරේ කරන්න ඉඩදුන්න..ආදරයෙන් එක වචනයක් නොකිව්වත් අප්පච්චිට පස්සේ මට හම්බ උන ආදරණීයම මනුස්සයාට..දවසක කියවන්න මං එකතු කරන මගේ හැඟීම්.

නුඹට මා මුණගැසෙන තැනTempat cerita menjadi hidup. Temukan sekarang