2023/10/04

199 30 5
                                    

අයියේ රෑ 11.18 මං දෙවෙනි වතාවට ආයෙම ඔයාට ලියන්න ගනිද්දි..

ඔයා දන්නවනේ අයියේ..මට ප්‍රශ්නයක් ආවම,මට දරාගන්න බැරි පීඩනයක් ආවාම..කා එක්ක හරි කතා කරලා ප්‍රශ්න වලට විසඳුමක් ඕනි උනාම තේරුමක් නැතිව හරි ඇතුව හරි මං කතා කරන්නේ ඔයාටනේ අයියේ..ඔයා දන්නවා ඔයාගේ වචනෙකට මං නිවෙන තරම.

ඉතින් අදත් ඒ වගේම දවසක්..පුංචි කඩා වැටීමක් නිසා මට ඕනි උනා පොඩි අත්වාරුවක්..ඉතින් කොච්චර උත්සහා කරත් හිත තනියම එක්ලස් කරගන්න මගේ හිත කිව්වේම ඔයාට කතා කරන්න..මොකද හිත වගේම මොලෙත් දන්නවා හොඳම වෛද්‍යවරයා ඔයා කියලා.

ඉතින් දුවගෙන ඇවිත් ඔයාට මැසේජ් කරා..ඒත් රිදුන හිත ආයෙම රිදුනා වෙනදට කොයි වෙලාවේ දැම්මත් ඩිලිවර් වෙන මැසේජ් අද ඩිලිවර් වෙන්නේ නෑ..මං දන්නවා ඩිලිවර් ටයිම් එකෙන් ඔන්ලයින් වලින් ලාස්ට් සීන් වලින් හිත රිද්ද ගන්න එක මෝඩකමක්..ඒත් ඔයා දන්නවා මං කොච්චර තේරුම් ගත්ත චරිතයක් උනත්..කොච්චර පරිණත චරිතයක් උනත් ඔයාගේ පැත්තට ආවම මං කොච්චර childish කොච්චර මෝඩ චරිතයක්ද කියලා..ඉතින් මානසික වැටිලා ඉන්න ඔයාගේ කරදරකාරි ආයෙම ඔලුවට ප්‍රශ්නයක් දා ගත්තා..

මට බයක් දැනෙනවා..මට දුකක් දැනෙනවා..මට අතපයවත් හොල්ලන්නේ නැතිව ඔහේ මැරිලා වගේ ඉන්න හිතෙනවා..පැය 6ක් ගෙවිලා ඒත් මැසේජ් ඩිලිවර් වෙන්නේ නෑ...මං දන්නේ නෑ ඇයි මට නරකක් දැනෙන්නේ..ඔයා ඊයේ ඉදන් මගේ status බලලා නෑ...ඔයා හොඳින්ද අයියේ..?කරදරයක් නෑ නේද? අනිත් පැත්තට ආයේ මට හිතෙනවා ඔයා මට නොකියා සද්ද නැතිවම මාව දාලා ගියාද..?

මට මහා අසරණකමක් දැනෙනවා අයියේ..ඔයා හොඳින්ද කියලා දැනගන්න විදිහක් මට නෑ..මං කාට කොහොම කතා කරලා හොයන්නද අයියේ..?ඔයා මාව මටත් නොකියා දාලා ගිහිල්ලා නම් මං දන්නේ නෑ මං මේ හිර වෙලා ඉන්න තැනින් එළියට එන්න..

අනේ මං ප්‍රාර්ථනා කරන්නේ...මට නොකියා මාව දාලා ගියත් කමක් නෑ...ඔයාට කරදරයක් නොවී...මොකද ඔයා සද්ද නැතිව මාව දාලා ගියා නම් මං කොහොම හරි හිත හදාගෙන පාඩුවේ පැත්තකට වෙලා දරාගෙන බලන් ඉන්නම්..ඒත් මං දන්නෑ ඔයා කරදරයක නම් ඒක දරාගෙන ඉන්නේ කොහොමද කියලා..

මේක කලබල වෙන්න දෙයක් නෙවෙයි වෙන්න ඇති..ඒත් මං දන්නේ  නෑ මට මේක මෙච්චරම දරාගන්න බැරි ඇයි කියලා..

මං මේ ලියන විකාර මං ලියන්නේ අඩාගන්න බැරිව අසරණ වෙලා..එක අතකට අඩන එක හොඳයි..අඩන්න ඕනි වෙලත් ඇඩෙන්නේ නැති එකයි වේදනාව..මේක කලබල වෙන්න දෙයක් නෙවෙයි..ඒත් කාලෙකට පස්සේ මං ඇතුලේ නිදාගෙන ඉන්න බොළඳ මෝඩ overreact කරන over sensitive over thinking  කෙල්ල අවදි වෙලා...

Ash....Ash...whats wrong with me....f#ck this shit..මම ම හිතලා ඇති..මම ම කියලා ඇති...ඇයි මැසේජ් ඩිලිවර් ටයිම් එක,ලාස්ට් සීන් එක වගේ දේවල් වලට ඔච්චරම මෝඩ විදිහට react කරන්න මේ ලව් කරන උන්ට පිස්සුද කියලා..හැබැයි දැන් මට තේරෙනවා දාපු මැසේජ් එක්ක ඩිලිවර් නොවුනම දැනෙන හැඟීම..හොඳ වෙලාවට ඔයා last seen off කරලා තියෙන්නේ..නැත්නම් මීට කලිනුයි මං නහරයක් පුපුරලා මැරෙන්නේ...

හුහ්...හරිම අගෙයි දිනූස්...හරිම අගෙයි ඔයා මේ අහින්සක දැරවිට දෙන හිතේ ගින්දර..අම්මාපා අයියේ ඔහේ මොන මඟුලක්ද කරන්නේ data off කරගෙන...ඔහේ මලාද..?මට දැන් නම් හිතෙනවා ෆේස්බුක් එකේ ඔයාව මෙන්සන් කරලා රිප් දිනූස් කියලා සුදු කොඩියක් දාන්න..මොනා උනත් මේ ගින්දර දෙන්නේ අහින්සක කෙල්ලෙකුට නේද..?uberව කොටියත් කාලා නරියත් කන්න ඕනි දිනූස් මේ ඇත්තමයි...මට uberව ආයේ එපාමයි...අපේ සම්බන්දේ මෙතනින් ඉවරයි..එච්චරයි...එපාමයි..හේතුවක් නැතිව data off කරන් ඉන්න එකෙක් එපාමායි..

ඒ උනාට මං තවුසෙට හෙන ආදරෙයි ඕයි..මෝඩ මූසලයා...මට මේ දෙන ගින්දර uberටමයි නිවන්න වෙන්නේ දිනූස්...කියවගෙන වරෙන්කෝ "මං ඕකනේ relationship වලට කැමති නැත්තේ යැයි යැයි..යැයි ගාලා.." ගහනවා තොට පොල් අම්මාපා..

අනේ ඕයි..මට රිප්ලයි ඕනි නෑ ඕයි..මැසේජ් ටික ඩිලිවර් උනා නම් ඇති මට නින්දේ යන්න..ඔයා හොඳින් කියලා එතකොට මං දන්නවනේ අයියේ...

_________________________________________________

ළමයි මට පිස්සු🙂..මං මොනා ලිව්වද මං දන්නේ නෑ..මට සමාවෙන්න...

නුඹට මා මුණගැසෙන තැනWhere stories live. Discover now