මතක 7

463 60 3
                                    


හිරු රැස් පොළොව සිපගැනීමට කලින් ශාක්‍ය තම වාහනය අරං ආවෙ නිල්ල ගහල පිනි දිලිසෙන තණකොළ ගාණට කපල මේන්ටේන් කරපු විශාල මිදුලකට.....

පිටත මීදුමත් සමග තිබූ දැඩි සීතල ශාක්‍යට කාර් එක ඇතුලෙදි නොදැනුනත් ඔහුගේ දෑසට එහි ඇති දැඩි සීතල දැණුනි....

තවමත් නිදාගෙන ඉන්න දේශ් දිහා බලපු ශාක්‍ය දුරකතනය අතට ගත්තෙ තම මිතුරාට ඔවුන් පැමිණිබව පැවසීමයි......

“Good morning සුදු මහත්තයා.... දොර අරින්න අපි ආවා.....”

“අපෝඕඕ... උඹනං පරාල ඇණයක් බං ...නිදාගන්න දෙන්නෙත් නෑ....එක්කො ඔන්න ඔහේ එළියෙ මුල්ලක් අල්ලගෙන නිදාගනිං ...මල වදේ....!! "

“ මගුලක් නොකිය ඔය දොර ඇරපන් සීතලයි බල්ලො....!!! "

“හා....හා...හිටපන් ...තෝ සන්නිය හැදිල මැරෙන්නෑ ටිකක් සීතලේ හිටිය කියල..."

කෝල් එක කට් කරපු ශාක්‍ය දේශ්ව ඇහැරෙව්වෙ දැන් බහින්න ඕනෙ නිසා...

“දේශ් ...දේශ් ...නැගිටින්න..අපි තැනට ඇවිල්ල ඉන්නෙ ...බැහැල එන්න මගෙ පස්සෙන් ....!!! "

“අ..ආ...ආඅ...හරි හරි සර්...සර් අපි කොහෙද මේ ඉන්නෙ ....!! "

“ කොහේ කියලද හිතෙන්නෙ දේශ් ...?"

“අනේ මන්ද සර්...?? "

දේශ් කිව්වෙ ලාවට එළිය වැටිල තියෙන පරිසරය ගැන අවදානය යොමු කරමිනි.

“අපි ඉන්නෙ බදුල්ලෙ දේශ් ...මේක මගෙ යාලුවෙක්ගෙ බන්ග්ලෝ එකක් ....යාලුවා මේ ටිකේ මෙහෙ නැවතිලා ඉන්නෙ එයාගෙ වැඩ වගේකට....!!!
තැන කොහොමද දේශ් ??හොඳයි ද ???"

“ මාර ලස්සනයි සර්...ලොකු නිදහසක් දැනෙනව....”

“ Excuses me...ඔය මහත්තුරු දෙන්නට බාධා කරානං සොරි වෙන්න ඕනෙ ...එළියෙ සීතල නිසා ඉක්මනට ඇතුලට ආවොත් හොඳයි නේද ...??? "

“හිටපන් හිටපන් එනව. ඇති යාන්තන් දොර ඇරිය දැන්වත් ....අපි යං දේශ් ඇතුලට. එළියෙ ගොඩක් සීතල වැඩී...!"

“ හරි ...සර්...අපි යං...!! "

දේශ් pov

අම්මෝ ඒක...බන්ග්ලෝ එක ගැන කිව්වොත් මාරම ලස්සනයි. පෝරණුවෙ ගින්දර හොඳට ඇවිලෙන නිසා ඇතුල හොඳට රස්නෙයි ...

මතකWhere stories live. Discover now