මතක 32

244 29 0
                                    

“ පසුදා උදෑසන වන විට පෝන් එක ත්බ්බෙ දේව්ගෙ අතේ. ඔහුට පෝන් එක බලාගන්න දීල අනික් අය වැටුන වැටුන තැන්වල නිදාගෙන හිටියෙ පහුගිය  දවස් ටිකේම කවුරුත් හරිහැටි නිදාගත්තෙ නැති හින්ද .
එකපාරටම  එරික්ගෙන් ආපු මැසෙජ් එක දැක්ක දේව්ව ඉඳගෙන හිටපු පුටුවෙන් ඉබේම නැගිට්ටුනේ ඒ ආපු මැසේජ් එකේ තිබ්බෙ සිම් එක ඇක්ටිව් උනා....

Location එකට පලයල්ල කියල...
උන්හිටි තැන් අමතක උන දේව් පිස්සුවෙන් වගේ දුවල ගිහිල්ලා බයික් එකට නැග්ගෙ පිස්ටල් එකක් ඉනේ ගහගෙන කිණිස්සකුත් සපත්තුවේ රඳවගෙනයි...

ලොකේෂන් එක ඔහුගෙ පෝන් එකට දාගත්ත දේව් විදුලි වේගෙන් තැන හොයාගෙන යන්න පිටත් වෙමිනි....

“” අඩ නින්දෙ හිටපු පවන් ගැස්සිලා ඇහැරුනේ බයික් එකක් ස්ටාට් කරන සද්දෙ ඇහුන නිසා...
එකපාරටම නින්දෙන් ඇහැරුන නිසා උනේ මොකක්ද කරන්න ඕනෙ මොකක්ද කියල හිතාගන්න බැරුව වටපිට බැලුවෙ කන්ෆියුස් වෙලා.....

“ වටේම බලපු පවන් දේව් ඉන්න ඕනෙ තැන නෑ කියල දැක්ක ගමන් තිබ්බ නිදිමත පෑල දොරෙන් පැනල ගියා . ඉක්මනින් නැගිටපු පවන් පෝන් එක තිබ්බ තැනට දුවගෙන ගිහිල්ලා පෝන් වෙව්ලන ඇඟිලිවලින් පෝන් එක අතට ගත්තෙ වෙලා තියෙන්නෙ ඔහු හිතන දේද කියල ස්තීර කරගන්න....

“” නැගිටපියව් යකුනේ .... නැගිටපියව්.... ඉක්මනින් නැගිටපියව්....දේව් නෑ යකෝ...ඌ ගිහිල්ලා
ඉක්මනින් යමල්ල ....

ශෙනාල් ලොකේෂන් එවල. අර හු#තා අමු කාලද කොහෙද තනියෙන් ගිහිල්ලා ....බයික් එකක් යන සද්දෙට මට ඇහැරුනේ ....

“” පවන්ගෙ බෙරිහන් දීමට නිදාගෙන හිටපු ඔක්කොම කරකවල අතෑරිය වගේ නැගිට්ට.මොකක්ද වෙන්නෙ කියන එක තේරුම් ගන්න ඔවුන්ට ටිකක් වෙලා ගියත් වැඩිවෙලා යන්න කලින් ලෑස්ති
අදාල තැනට යන්න පිටත් උනා...
නමුත් මේ වෙද්දි දේව් සෑහෙන්න දුරක් ගිහිල්ල අදාල තැනට ලංවෙමින් හිටිය.

“” දේව් බයිකෙක එහෙන් මෙහෙන් දාලා ඉක්මනින් ගියත් ශාක්‍යල කාර් වල ආපු නිසා ඔවුන්ට හිතපු තරම් ඉක්මනට අදාල ලොකේෂන් එකට කිට්ටු වෙන්න බැරිවුනේ පාරෙ තිබ්බ ට්‍රැෆික් එක නිසා....

මතකOnde as histórias ganham vida. Descobre agora