01 කොටස

134 19 46
                                    

A/N:
මං මේක කලින් english නම් දාලා ලියනවා කියලා හිතුවට ඇත්තටම රජ කාලේ නම් හොයන්න ගියාම පන යනවා. අනික තියෙන්නෙ කොමන් නම් විතරයිනෙ. ආතර් ඩේවිඩ් වගේ ටිකක්. ඒ නිසා මම නම් ගම් වෙනස් කලා සිංහල විදිහට. මම පැය ගානක් නම් හෙව්වත් මට සැටිස් වෙන නම් සෙට් එකක් හම්බුනෙ නෑ. ඒ නිසා මෙහෙම කලේ. සොරි හා ද ? චරිත හැදින්වීම, පෙරවදන පොඩ්ඩක් ආයෙ බලලා එන්න. නැත්තන් පැටලෙයි.
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

Reyan's Pov

"ආආආආආ මගුල! අද එක්සෑම්. ඇත්තටම මේ කැම්පස් කෙරුවාව එපා වෙන්නෙ එක්සැම් කාලෙට. සේරමත් හරි පැය ගානක් ඉදගෙන අර පත පේපර් වලට බොරු ලියන්නෙ කොහොමද යකූ..! ඔච්චර බොරු ලියලා මාව අපායෙ යයි දෙයියනේ"

උදේ පාන්දර 5 ට තිබ්බ එලාම් එකටත් බැන බැන මම නැගිට්ටේ යුනි යන්න.

"චූටි පුතා.......නැගිටින්න දැන්. වෙලාව හරි."

ඒ කතා කලේ මගේ අම්මී. හහ්! අද තමා 3rd year එකේ අන්තිම එක්සෑම් එක අපිට පටන් ගන්නේ. ආයෙ ඉතින් තව අවුරුද්දක් තියනවා මගේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න. අපේ කෝස් එකෙ සම්පූර්ණ කාලය අවුරුදු 4ක්. ලබන අවුරුද්දේ ඉතින් intern තමා...රිසර්ච් ටීම් එකටත් සිලෙක්ට් උනොත් මරු.

දන්න කාලෙ ඉදන් මගේ හීනෙ උනේ පුරාවිද්‍යාඥයෙක් වෙන්න. මට ඕකට ආස හිතුනෙ ඇයි කියලා මටවත් වෙලාවකට හිතාගන්න බෑ. ඒත් මගෙ හීනෙ උනේ අපේ පපාගෙ වචනෙන් කිව්වොත් 'යටගිය කුණු හොයන එක' තමා. හැබැයි අපේ ගෙදර කට්ටියගෙන් ඒ හැටි අකමැත්තක් තිබ්බෙත් නැ. මොකො ඉතින් සල්ලි අහේනියක් කියලා ඇහ්! පපා උනත් ඔය විහිලු කලාට එයාට නම් ගානක්වත් නෑ. පපාගෙ බිස්නස් බලාගන්න අයියා ඉදපු නිසා පපා කිව්වේ මට 'උබ ඕනි මගුලක් කරගනින්...හැබැයි ඕවට ගියා වගෙ නෙමෙ වටිනාකියන වස්තු පුරාවස්තු වෙන්න කලින් බැදපන්' කියලා. මට මුලින් ඕක තේරුනේ නැ. ඒත් ඉතින් පස්සෙ තමා තේරුනේ. මොකො ඉතින් මට කැම්පස් එකේ කියලවත් කෙල්ලෙක් ඉදියා ඇහ්.

අම්මී කියන විදිහට ඉතින් මම තාම පොඩි එකා...ඒත් පපාට නම් එහෙම නැ. අනේ මේ අවුරුදු 24ට මට මොන කෙල්ලොද? මම ඉතින් සල්ලිකාර හරිම දග කොල්ලෙක් තමයි. ඒත් මට ඔය අනිත් උන්ට වගේ මගුල් විසේ නෑ හුහ්.

The Legend Of Noor (Non Fic)Where stories live. Discover now