02 කොටස

78 13 40
                                    

ඇගමැලිත් කඩ කඩ ශෝට පිටින් ඉදපු මං අතට අහුවුන ටී එකත් දාගෙන දොර ඇරියෙ මේ මල පාන්දර මාව හම්බෙන්න ආපු කෙනාට හිතෙන් දෙහි කපන ගමන්.

එහා රූම් එකේ කොල්ලෙක්. සෙනාශ්.

"රෙයාන් ගුඩ් මෝනිම් මචන්"

"මොන ගුඩ් ද යකො...සැපට නිදියන්න තිබ්බ එක කෑවා නේද...හා හා ඉතින් මෝනිම් ඇහ්. මොකො දැන් කතා කලේ..බලපම් තාම 6 වෙලාව"

"යකඩෝ...හෙට එක්සෑම් ගෝතයෝ..තව නිදියන්නෙ ? මං මේ ආවේ උබෙන් නෝට්ස් වගයක් ඉල්ලගන්නයි මට මේ ශිෂ්ටාචාර සීන් වල ඩවුට්ස් තියන තැන් ටිකක් ක්ලියර් කරගන්නයි."

"ම්ම් ඇතුලට වරෙන්කෝ සෙනාශ්."

"ආ මචෝ...මෝනිම් මෝනිම් ඉතින්. මොකො මේ කුකුලත් අතින් අරන්"
ඒ චමත්. අනිත් තුන් දෙනාම පුපත් උඩ දාන් නිදි හොදටම.

"මේ රෙයාන්ගෙන් නෝට්ස් වගයක් ඉල්ලගන්න ආවේ බං."

"උබට දැන් මොනාද ඕනි?" එහෙම ඇහුවෙ මම.

"මචන් මට අර නූර් රාජ්‍ය ගැන නෝට්ස් මොනාහරි තියේ නම් දීපන්කෝ. නෙට් එකෙත් ලොකු විස්තරයක් නැ බං. ලයිබ්‍රියෙ පොත් පෙරලන් හොයන්න කම්මැලි. ආයෙ ශිෂ්ටාචාර ගැන ක්ලියර් මදි තැන් ටිකක් තියනවා."

"නූර් කින්ග්ඩම් එක ගැන ලොකු දෙයක් නෑ බං කොහොමත්. ඒක මේ ලගදිනෙ හොයාගත්තා කිව්වෙත්. තාම පරික්ශණ මට්ටමේ තියෙන්නෙ. ඔය අපෙ කැම්පස් එකේම ප්‍රොෆෙක්ලුනෙ ඕක ගැන රිසර්ච් එකක් කරන්න ඉන්නෙත්. මටත් ඔය ටීම් එකට පැනගන්න තිබ්බ නම් ගොඩ. බය වෙන්න එපා ඒ නිසා කොහොමත් එක්සෑම් එකට ඕකෙන් එන්නෙ නෑ. අපිට ඊලග අවුරුද්දෙ සමහරවිට තියෙයි ඕව ගැන පොඩියට මොනාහරි. මෙතනින් වාඩිවෙයන්කො උබට අපහැදිලි කිව්ව දේවල් ටික බලන්න"

සෙනාශ්ට අවුල් වෙලා තිබ්බ තැන් ටික ක්ලියර් කරලා දීල ඌට ඒ ටික කියාදෙද්දි උදේ 8 විතර වෙලා තිබ්බ. තාම මූණ හෝදලවත් නැති නිසා මම ලෑස්ති වුනෙ මූණ හෝදගන්න යන්න. අනිත් හතරදෙනාම මූණ හෝදන් මම එනකන් හිටියෙ උදේට කන්න. මමත් ටවල් එකයි ඔක්කොම අරන් රූම් එකේම තිබ්බ බාතෘම් එකට ගියෙ ආයෙ මං පහලට යන්න ගියොත් අරුන් තවත් බඩගින්නෙ හන්දා.

The Legend Of Noor (Non Fic)Where stories live. Discover now