ආයිමත් දවසක...39

572 103 25
                                    

ආයිමත් දවසක....39


"අඩෝ... ඕක ඔය තරම් නම් ඇද ඇද කියන්න දෙයක්ද බන් උබට නම් පිස්සු..... "

හරිදු බිනර දිහා බලල හිනා වෙන ගමන්  කියද්දිත් බිනර ඉදියෙ ටිකක් කලබලෙන්...

"මන් ආදරරේ කරන්නෙ උබගෙ එකම මල්ලිට කියල මන් කිව්වොත් උබ මොකද කියන්නෙ ... "

බිනර හරිදුගෙ දිහා නොබලා කිව්වෙ ඇත්තටම හරිදු කොයි විදිහට ඕකට ප්‍රතිචාර දක්වයිද කියලා කියන්න බැරි නිසා..

ඒත් එක්කම මෙච්චර වෙලා වේගෙන් ගිය කාර් එක හරිදු පාරෙ අයිනකට කරලා නවත්තද්දි බිනරගෙ හිත තව ටිකක් ගැස්සෙන්න ගත්තා..

" ඔය ඔය සිරාවටමද කිව්වෙ..."

හරිදුගෙ කලබලයක් නැති කටහඩ කාර් එක පුරා ඇදෙද්දි බිනර ඔලුව හරවලා හරිදු දිහා බැලුවා...

"ඔව් බන්... "

"හූම්... කවද ඉදලද...."

"මන් දන්නෙ නෑ බන්... "

"එතකොට සුදූ.. එයා දන්නවද උබ..."

"ම්ම්..මන් මල්ලිට කිව්වා ..."

"එයා මොකද කිව්වෙ...."

"එයා .. එයා ටික දවසක් ඉල්ලුවා උත්තරයක් දෙන්න....."

බිනරගෙ උත්තරයෙන් පස්සෙ ආයිමත් කාර් එක ඇතුලෙ කිසිම සද්දයක් නැති වෙද්දි බිනර කල්පනා කරේ ඊලගට මොකක්ද කරන්නෙ කියලා...

යශිර කවදාවත් එයාව අතාරින්නෙ නෑ කියලා බිනර දන්නවා.. ඒත් හරිදු.. හරිදුට යශිර ආදරේ කරන්නෙ එයාගෙ සහෝදයෙක්ටවඩා එහාගිය එයාගෙම දරුවෙක්ට වගේ ... හරිදු කවදාවත් මොන දේ උනත් යාහිරව අතාරින්නෙ නෑ කියන එක එයා දන්නවා ඒත් බිනර කියන්නෙ වෙනමම කතාවක්..

" උබ ඇත්තටම සුදූට ආදරේ කරනව නේද කියපන්...මගෙ පොඩි එයාව උබ රිද්දන්නෙ නෑ නේද..."

හරිදු අහද්දි බිනර ඇස් ලොකු කරගෙන හරිදු දිහා බැලුවෙ ඒ අහපු වචන වලින් දැනුන හැගිම් බර කම දැනුන නිසා...

"ඔව්.. ඔව් බන්... මන් සුදූට කියාගන්න බැරි තරම් ආදරෙයි.. එයාව නැති උනොත් මට පිස්සු හැදෙයි බන්..."

බිනර කියද්දි හරිදුගෙ මූනෙ පොඩි හිනාවක් මතු උනා...

"තරහ වෙන්න එපා බන් මන් දන්නව උබ බොරු කියන්නෙ නෑ කියලා.. මන් දන්නව උබ අපේ එයාට ආදරේ කරනවා ඒත් මන් අසරනයි බන්.. ලෝකයක් ඉස්සරහ උබල දෙන්නව එකතු කරන්න මට බෑ.. අනික උබගෙ හිත දවසක වෙනස් උනොත් මගෙ අසරනයා තනි උනොත්... මන් කොහොමද උගෙ හිත හදන්නෙ බන්....."

ආයිමත් දවසක .Where stories live. Discover now