ආයිමත් දවසක...40

601 109 26
                                    

ආයිමත් දවසක...40

යශිර රැල්ලක් පිට රැල්ලක් බිදෙන මුහුද දිහා බලන් ඉදියෙ හිතේ තියන බර ගතිය ටිකක් හරි අඩු වෙනවනම් කියලා හිත හිත.
බිනර අයියගෙ තුරුල්ලෙ ගෙවුන ඊයෙ රෑ මතකයන් යශිරගෙ හිත ලස්සන ලෝකයකට අරන් ගියත් මොකද්ද කියලා කියාගන්න බැරි ලොකු  බරක් හිතේ තියෙද්දි යශිර කරේ සහස්ට කෝල් කරන එක.. එයාට කා එක්ක හරි කතා කරන්න ඕනි උනා....

ලොකු අයිය එක්ක මේ දේවල් කියන්න පුලුවන් කමක් එයාට තිබ්බෙ නෑ.. විශාල් එක්ක කොහොමත් දැන් එයාට කතා කරන්න බෑ අනික හැමදාම වගේ හිතේ තිබ්බ දේවල් නිදහසේ බෙදාගන්න තවදුරටත් අනූශි එයා ලග ඇත්තෙත් නෑ ඉතින් යශිර කරේ සහස්ට කතා කරපු එක..එයා මොකුත්ම කිව්වෙ නෑ ෆෝන් එකෙන් සහස් එක්ක.. එයා කිව්වෙ එයාට පොඩ්ඩක් නිදහසේ කතා කරන්න ඕනි කියලා විතරයි ...
ඒක අහපු ගමන් සහස් හා කියද්දි යශිරට හිතුනෙ එයාගෙ හිතේ තිබ්බ කලබලය සහස්ට දැනුනදෝ මන්දා කියලා....

උදෙන් නැගිටලා අයිය පොඩ්ඩොදෙන්නව එක්ක එන්න අක්ක එක්ක යද්දි බිනර අයියත් ගෙදර යනවා කිව්වෙ යශිරටත් එයා එක්ක එන්න කියල අඩගහන ගමන්.. ඒත්   යශිර ඒකට බෑ කියල බිනරව යැව්වෙ ඇත්තටම එයාට ටිකක් තනි වෙන්න ඕනි කියලා දැනුන නිසා..
ඒක තේරුන නිසාමද මන්දා බිනර ආපහු යශිරට වද නොදී  යශිරගෙ නලලෙ හාදුවක් තවරලා කාර් එකේ නැගලා යන්න යද්දි යශිර කෙලින්ම ගිහිල්ල නතර උනේ බාත් රූම් එකේ...

.....................................................................

යශිර සහස්ට එන්නම් කිව්ව වෙලාවට ටිකක් කලින් ගිහිල්ල කෝපි එකක් ඕඩර් කරලම මුහුද පේන මානෙ තියන තැනකින් වාඩි උනේ හිත පුරා මේ තරම කලබලයක් වගේම බර ගතියක් දැනෙන්න හේතුව මොකද්ද කියලා හිතන ගමන්...

ජීවිතේ හැමදාම ආසාවෙන් ඉදය වගේම ආදරයක් යශිරගෙ ලගට ආදර්වෙ පුරවගෙන ඇවිල්ල මල්ලි මන් ඔයාට ආදරේ කරනවා කියද්විත් යශිර ඒකට එක පාරටම උත්තර නොදී හිතල බලන්න කල් ඉල්ලුවෙ ඇයි කියලා එයාගෙන්ම යශිර අහගත්ත වාර ගාන මේ වෙද්දි කීයල්ද කියලා එයාටම හිතාගන්න පුලුවන් උනේ නෑ...

බිනර අයිය එයාට ආදරේ අවන්කවම කියන එයා හොදටම දන්න දෙයක් ඒ වගේම බිනරටත් එයා ආදරේ කරන්ව කියලා යශිර් එයාගෙ හිතෙන්ම පිලිගන්න දෙයක් ඒත් මොකද්ද මන්දා නන්නාදුරන හේතුවක් නිසා බිනරගෙ ආදරේට ආපස්සට ආදරේකරන්න යශිරට හිත හදාගන්න පුලුවන් උනේ නෑ....

ආයිමත් දවසක .Where stories live. Discover now