ආයිමත් දවසක...41

571 108 19
                                    

ආයිමත් දවසක...41

චලන සදුද උදෙන්ම නැගිටලා ලෑස්ති උනේ හිත පුරා ගොඩක් හැගීම් පුරවගෙන..
එක තත්පරයටක සන්සුන් වෙන එයාගෙ හිත ආයිමත් ඊලග තත්පරයෙදි ආපහු නොසන්සුන් වෙනවා...
චලනටම මතක නෑ දැන් එයා කී පාරක් කන්නාඩිය ලගට ඇවිල්ලා කොන්ඩෙ පීරන ගමන් ටයි එක හදාගත්තද කියලා
ඒ තරම එයාගෙ හිත විසිරිලා ගිහිල්ලා...

වෙනදට යශිර ඇවිල්ල මිදුලෙ ඉදල් හෝන්  ගහනකම් එලියට නොයන චලන අද යශිර  එන්නත් කලින්ම යශිර දීල තිබ්බ හෙල්මට් එකත් අරගෙන එලියට ඇවිල්ල දොර ලොක් කරලා දැන්මා...

විනාඩි දහයක් විතර චලන පාර දිහා එක දිගටම බලන් ඉදපු යශිර පාරෙ හුරු පුරුදු බයික් එකක චායාව දකිද්දි හෙල්මට් එකේ බෙල්ට් එක ගලවන ගමන් ඉස්සරහට ගියෙ ඈත තියාම යශිරගෙ මූනෙ මතු වෙන හිනාව දිහා ආසාවෙන් බලන ගමන්..

" Good morning අයියෙ..."

"Good morning සුදූ..."

"මන් පරක්කුද අද..."

යශිර එයාගෙ අතේ බැදන් ඉන්න ඔරලෝසුව දිහා බලන ගමන් අහද්දි චලන ආයිමත් කතා කරේ තව ටිකක් යශිර ලගට ලන් වෙන ගමන්..

"මන් ටිකක් කලින් ලෑස්ති උනා සුදු ඔයා පරක්කු නෑ..."

"හ්ම්ම්.. අපි යමුද.."

" හරි...."

..........................................................................

ඔෆිස් එකට එන අතර තුර දෙන්න අතරෙ කතාවක් තිබ්බෙම නැති තරම්.. චලනටඒ වෙලාවෙ තමයි ලොකුවටම දැනුනෙ යශිර ඉන්නෙ මොකක් හරි අවුලකින් කියලා මොකද වෙනදට චලම සද්ද නැතුව ආවත් යශිර මොකක් හරි ගැන කියව කියවඑන නිසා..
බයික් එක පාකින් එකට දාල නවත්වද්දි චලන බැහැලා හෙල්මට් එක ගලවලා අතට ගත්තෙ එයාට පස්සෙ බයික් එකෙන් බහින යශිර දිහා බලන්මයි...

"සුදූ.."

යශිරගෙ නිහඩ බව දරාගන්න බැරුව චලන කතා කරද්දි යශිර වෙනද වගේම ඇස් ලොකුකරන් චලන දිහා බැලුවත් ඒ ඇස් වල හරිම පැටලිලි සහගත බවක් තියනවා කියලා චලනට දැනුනා..

"කියන්න අයියෙ..."

"ඔයා හොදින්ද...."

"ම්ම්.. ඔව් මන් හොදින්....ඇයි ඒත් එහෙම ඇහුවෙ..."

ආයිමත් දවසක .Where stories live. Discover now