ආයිමත් දවසක 42

526 116 24
                                    

ආයිමත් දවසක...42



"සුදු... මන්... මන් ඔයාට ආදරෙයි...."

චලන දෙවනි පාරටත් එයා ලගට වෙලා ඇස් ලොකු කරගෙන  බලාගෙන ඉන්න යශිරට කියද්දි චලනට දැනුනෙ එයාගෙ මහ හයියෙන් ගැහෙන හිත එයාගෙ ඇගෙන් ගැලවිලා එලියට පනී කියලා...

"සුදු...."

යශිරගෙන් සද්දයක් නැති කොට චලන ආයි කියද්දි යශිර ගැස්සිලා වගේ ඉදපු කල්පනාවෙන් ඈත් උනා...

" අයියෙ... මම..ඒත් .. ... "

යශිර පටල පටල කියද්දි චලන ආයි කතා
කරා...

" මන් දන්නව සුදූ දැනටමත් බිනර ඔයාගෙන් කැමැත්ත අහල ඉවරයි කියලා... "

චලන කියද්දි යශිර ආයි ඇස් ලොලු කරගෙන එයාගෙ අතේ තිබ්බ තේ කෝප්පෙ පැත්තකින් තිබ්බා...

"එහෙනම්.. ඇයි.. අනික ඇයි මම අයියෙ..."

" මන් දන්නෙ නෑ සුදු මහත්තයො... ඔයා මගෙ ජීවිතේට එන්න කලින් කාටවත් මගෙ මේ හිත  පොඩ්ඩක් වත් වෙනස් කරන්න පුලිවන් කමක් තිබ්බෙ නෑ.. ඒත් ඔයා මගෙ ජීවිතේට ඇවිල්ල සතියක් යන්නත් කලින් මන් ඔයාට ආදරේ කරන්න අරන් තිබ්බ සුදු...."

"ඒත් අයියෙ මන් ඔයාට කොහොමද මේ දේට උත්තර දෙන්න ඕනි...."

"මන් ඔයාගෙන් උත්තරයක් ඉල්ලන්නෙ නෑ සුදූ... මට මේ දේ ඔයාට කියන්නයි ඕන උනේ... මන් දන්නව බිනර එක්ක මට තරගයක් නෑ කියලා අඩුම ගානෙ මට මේ විදිහට ඔයාට ආදරේ කියාගන්න ලැබුන එකම ඇති..."

"අනේ ඇයි අයියෙ ඔයා ඔහොම කරන්නෙ..."

මේ පාර චලනව පුදුම කරගෙන යශිර හයියෙන් කතා කරද්දි චලන ගොඩක් පුදුම උනා.. ඒත් එක්කම යශිරගෙ ඇස් වලින් ලොකු කදුලු බින්දු කඩන් වැටෙද්දි චලන එයා ඉදපු තැනින් නැගිටලා යශිරගෙ ඉස්සරහ දන ගහගෙන එයාගෙ අත් වලින් අල්ල ගත්තෙ ඇයි මේ කොල්ල අඩන්නෙ කියලා හිතෙන් එයාගෙන්ම අහන ගමන්...

"සුදු..මල්ලි..ඇයි මේ..."

චලන අහද්දි යශිර ඇස් වලින් නොනවත්තාම කදුලු වගුරන ගමන් කතා කරන්න ගත්තා...

" ඇයි ඔයාල මෙහෙම අයියෙ.. ඇයි ඔයාල මේ තරන් ආත්මාර්තකාමී..."

" මොකක්...ඇයි සුදූ ඔයා එහෙම කියන්නෙ..."

ආයිමත් දවසක .Where stories live. Discover now