ආයිමත් දවසක...44

552 104 18
                                    

ආයිමත් දවසක...44

හදිස්සියෙ හැම දේම උන නිසා බිනර වගේම චලනත් බඩගින්නෙ ඉදියෙ ඉතින් බිනර චලනව කාර් එකේ තියලා කඩයක් ලගින් බැහැල ගියෙ ටක් ගාල මොනව හරි අරන් එන්නම් කියාගෙන...

හිතුවට වඩා කෑම එක ගන්න ටිකක් වෙලා ගියා උනත් බිනර කෑම පාර්සල් දෙක අරගෙන ආයිමත් කාර් එක ලගට නැගලා කෑම පාර්ස දෙක පිටිපස්සෙ සීට් එකෙන් තියලා චලන දිහා බලද්දි තමා එයා දැක්කෙ චලන එයාගෙ පැත්තෙ තියන ජනේලෙට හේත්තු .වෙලා නිදන් ඉන්න විදිහ..
එයාගෙ ඇස් පියවෙලා තියනව විදිහ වගේම හුස්ම හෙලන එක දිහා බිනර බලන් ඉදියෙ කාලෙකට කලින් චලන ගැන හිතේ ඇතිඋන හැගීම් වලට මුල යශිර ලගින් වගේම චලන ලගින් එයා දකින මේ අහිංසක හුරතල් බව කියන එක...

චලන නිදන් ඉදපු නිසා බිනර එයාව ඇහැරවන්න ගියෙ නෑ එයා ගෙදර යනකම්ම චලනට නිදා ගන්න ඉඩ දුන්නා ...ගෙදර ඇවිල්ල පාර්ක් එකට වාහනේ දාලා තමයි එයා ආයි චලනට කතා කරේ...

" චලන... චලන..."

" ආහ්.. අනේ සොරි බන් මට නින්ද ගියා...අපිආවද...."

"ඔව් බන්... බහිමු නේද...."

බිනර එහෙම කියලා වාහනේ තිබ්බ කෑම පාර්සල් දෙකත් අරගෙන බහිද්දි චලනත් කර් එකෙන් බැහැලා එයා එක්කම ආව....

චලනට නාගන්න දීල බිනරගෙ ඇදුමකුත් දීල එයා ආයිමත් යශිරට කෝල් එකක් දීල බැලුවෙ කොල්ල ආන්සර් කරයිද කියලා ඒත් යශිරගෙ ෆෝන් එක ඕෆ්...

බිනර ඉතින් ෆෝන් එක පැත්තකට දාලා ලොකු හුස්මක් හෙලුවෙ ජීවිතේ කොයි තරම් නම් කලබගෑනි ගොඩකට මූන දෙන්න වෙලාද කියලා...

යශිරගෙ හැගීම් ගැන බිනරට තිබ්බෙ අමුතුම නිවුන හැගීමක්... බිනරට යශිර චලනටත් ආදරේ කරන එක බාදාවක් උනේ නෑ ... එයාට වැදගත් උන එකම දේ යශිර එයාට ආදරේ කරනව කියන එක..
අනික බිනර හොදටම දන්න දෙයක් තමා චලන බිනරට ගොඩක් ආදරෙයි කියන එක ඒක නිසා චලනගෙ ආදරේට බිනර කොහොමවත් බාදාවක් වෙන්න ඕනි කියලා හිතුවෙ නෑ.. ආදරේ කියන්නෙ හැම වෙලාවකම අයිති කරගන්න ඕනි දෙයක් වත් මගෙම විතරයි කියලා ලේබල්.ගහගන්න ඕනි දෙයක් කියල වත් බිනරට දැනුනෙ නෑ...

ආයිමත් දවසක .Where stories live. Discover now