ආයිමත් දවසක...45

621 112 20
                                    

ආයිමත් දවසක....45

යශිර ගාල්ලට යනකම්ම පාර දිගට මුහුද ලස්සන්ට පේන තැන් වල නතර වෙන ගමන් තමා ගියෙ...ඒ හැම තැනකදිම යශිර කල්පනා කරේ ජීවිතේ කොයි තරම් නම් කලබගෑනි ගොඩකට මූන දෙන්න එයාට සිද්ද් උනාද කියලා ඔක්කොටම වඩා එදා අනුරාධපුරයෙ තට්ට තනියම ජීවත් උන එයා අද කොයි වගේ තැනක නතර වෙලා ඉන්නවද කියන එක..
මේ හැම දේම යශිරගෙ හිතේ ආයිම ආයිම ඇදෙද්දි එයා ගාල්ලෙ කිව්ව තැනට ඇවිල්ල තිබ්බා..
හොටෙල් එකේ පාර්ක් එකට දාල බයික් එක නතර කරපු ගමන් යශිරට මුලින්ම හිතුන දේ තමා කවී කිව්වෙ ඇත්ත කියලා ඒ හොටෙල් එක මාරම ලස්ස්නට හදලා තිබ්බා..මුහුද ලග හදනවා වෙනුවට මුහුද මායිමෙන් ටිකක් ඇතුලට වෙන්න  ගගක් අයිනට වෙන්න හදල තිබ්බ නිසා කොල පාටින් වැහිලා ගිය ලස්ස්සන පරිස්සරයක් තමා හොටෙල් එකේ තිබ්බෙ ඔක්කොටම වඩා හොටෙල් එක ඩිසයින් කරපු කෙනා පරිසරයට හරිම අඩු හානියක් වෙන්න හොටෙල් එක හදල තිබ්බ නිසා ඒ ලස්සන තවත් වැඩි වෙලා තියනව කියල යශිරට දැනුනා...

යශිර එයාගෙ බෑක් එකත් කරෙන් ගලවල එක අතකට ගන්න ගමන් හොටෙල් එකේ ලස්ස්න විද විද ෆ්‍රන්ට් ඩෙස්ක් එකලගට ගිහිල්ල  එතන ඉදපු කෙනා එක්ක කතා කරන්න ගත්තා..

"යශිර කියන නමට රූම් එකක් රිසවේශන් කරලා තියනව නේද..."

"ආහ් ඔව් සර්...සර් නේද..... යමු මන් රූම් එක පෙන්නනම්...."
.................................

යශිර  රූම් එකට ගිහිල්ල  මුලින්ම කරේ කාබරේ ලොකු ජනේල වහල දාල ටිබ්බ කර්ටින් ටික ඇරල දාන එක.. ඊට පස්සෙ එහෙමම ගිහිල්ල බාත් රූම් එකට වෙලා එයා හොදට නාගෙන තමයි ආයි ඇවිල්ල වාඩි උනේ...

නාගෙන තෙත කොන්ඩෙ තව ටවල්.එකකිම් පිහිදාපු යශිරට ඕන කරේ කිසිම දෙයක් හිතන්නෙ නැතුව ඔහේ මේ වටපිටාවෙ තියන ලස්ස්න විදින්න.. ඒත් ඒ හැම මොහොතකම  බිනර වගේම චලනගෙ මතකයන් එයාගෙ පපුව ගැහෙන වේගෙ වෙනස් කරද්දි එයා ලොකු හුස්මක් හෙලලා ඇදට උඩ දිගා වෙන ගමන් කොට්ටයකට මූන හිර කරගෙන කෑ ගැහුවෙ දැනෙන හැගීම් වලට කරගන්න දෙයක් නැතුව අසරන වෙද්දි...

.....................................................................

ඇදට වෙලා ඔහේ කල්පනා කර කර ඉදපු යශිරට පස්සෙ තමා මතක් උනේ  කවීට එයා ආව කියල කෝල් කරන්න බැරි උනා කියලා ඒත් එක්කම එයා දඩ බඩ ගාලා ඇදෙන් නැගිටලා ෆෝන් එක අතට අරගෙන කවීගෙ නම්බර් එක ඩයල් කරන ගමන් කර්ටින් ඇරලා තිබ්බ ජනේලයක් ලගට ගියෙ ෆෝන් එක කනේ තියාගන්න ගමන්...

ආයිමත් දවසක .Where stories live. Discover now