ආයිමත් දවසක...46

731 111 34
                                    

ආයිමත් දවසක....46

යශිර ඉදපු තැගැස්මත් එක්ක එහෙ මෙහෙ බලන ගමන්  කල්පනා  කරේ තවමත් එයාට හැම දේම පැටලිලා හින්දා...
ඒත් එක්කම ආයිමත් දොරට කවුරු හරි තට්ටු කරපු නිසා යශිර ඇදෙන් බැස්සේ ඇස් වලින් තවම ගලන කදුලු නවත්තගන්න බෑ කියලා දැනුන නිසා..
කාබරේ පුරාම සුදු පාර ආලෝකයෙන් නෑවිලා තියෙද්දි යශිර නිකමට ජනේලෙන් එලිය බලද්දි එයා දැක්කෙ ඊයෙ වැස්සෙ නෑ කියන්න වගේ වලාකුලු මොකුත්ම නැතුව ලස්සන නිල් පාටින්  හැඩ වෙලා තියන අහස...

ඒත් එක්කම ආයිමත් දොරට කවුරු හරි තට්ටු කරපු නිසා යශිර ඇස් දෙක යාන්තම් පිහිදගෙන දොර ලගට ගිහිල්ල හොද හුස්මක් අරගෙන දොර ඇරියා....

දොර ඇරපු ගමන් යශිරට දැනුනෙ කියාගන්න බැරි අමුතුම හැගීමක්...
මෙච්චර දවස් එයාගෙ හිතේ තිබ්බ හැම අපහැදිලි හැගීමක්ම එක මොහොතකදි අතුරු දහන් වෙලා යනව යශිරට දැනුනා ඒත් එක්කම අනූශිගෙ කටහඩ ආයිමත් එයාගෙ මතකයට ආවෙ අනූශි හිනා වෙන ගමන් අන්තිමට කියපු වචන ටික කන් පුරා දෝන්කාර දෙද්දි...

" කවුද ඔයාට කිව්වෙ යශ් දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්න කියලා..."

ඒ වචන ටික යශිරගෙ ඔලුවෙ එක දිගට දෝන්කාර දෙද්දි යශිර මෙච්චර දවස් එයාගෙ හිතෙන් එයාගෙන්ම කරපු ප්‍රශ්නෙට උත්තරයක් හොයාගත්තා...

" මන් ඔය දෙන්නවම තෝර ගන්නවා....."

යශිර එයාගෙ හිතෙන් එයාගෙ අවසාන උත්තරය කෑ ගහල කියද්දි දොර ලගට වෙලා ඇස් ලොකු කරගෙන එයා දිහා බලන් ඉන්න චලන එක්ක වගේම බිනර එක්ක හිනා උනා ....

"Good morning  අයියේ........"

.......................................................................

"සුදූ...කොහෙද ලමයො එක පාරටමයන්නෙ ... ඇයි අපිව මෙහෙම බය කරන්නෙ .. උබ් හිතන්නෙ අපිට උබ නැතුව ඉන්න පූලුවන් කියලද...."

බිනර කියන ගමන්  කාබරේ ඇතුලට ඇවිල්ල යශිරව තදින් තුරුල් කරගනිද්දි යශිරත් බිනරගෙ පපුවට තද වෙන්න තුරුල් වෙලා  බිනරගෙන් දැනෙන ඒ උනුහුමෙන් පිරුනු ආදරේ විද ගනිද්දි නිකමට වගේ එයා ඇස් ඇරලා බැලුවෙ කෝ චලන කියලා.

ආයිමත් දවසක .Where stories live. Discover now