ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

1.5K 156 67
                                    

ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

" සුදූ.... සුදූ.... කොහෙද මගෙ ටයි එක මට හොයාගන්න බෑනෙ...."

බිනර කාබරේ  ඉදන් කෑ ගහල අහද්දි යශිර ඉදියෙ බාත් රූම් එකේ...එයා ඒකට උත්තර දෙන්න හදද්දිම චලනගෙ කටහඩ එයාට ඇහුනා...

"බිනර ඔයා ඇදුම් රැක් එකේ බලන්න මන්දැක්ක එතන අනික් ඇදුම් එක්ක තියනවා..."

චලන සාලෙ ඉදන් කියන එක යශිර බාත් රූම් එකට වෙලා අහන් ඉදිය්ව් ජීවිත්ව්ව් කොයි තරම් නම් වෙනස් වෙලාද කියල හිතන ගමන්...

එදා යශිර ගාල්ලෙදි බිනරට වගේම චලනට ආදරෙයි කියලා දැන් අවුරුද්දකට වැඩියි... ඒ සිද්දිය වෙලා  මාසයක් ගත වෙද්දි බිනර වගේම යශිර  චලනගෙ ගෙදරට පදිංචියට ආවෙ තවත් වෙන වෙනම ජීවත් වෙන්න තුන් දෙනාගෙම තිබ්බ අකමැත්ත නිසා...

යශිර මුලින්ම බය උනේ ලොකූ අයිය වගේම අක්කා මේ සම්බන්දෙට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා ඒත් ලොකු අයිය  යශිර කියන්නත් කලින් අන්තිමට වෙනෙ මෙහෙම දෙයක් කියලා අනාවකි කියලා ඉවරයි . ඒක නිසාම ලොකු අයියගෙ වගේම  අක්කගෙ ආශිර්වාදය තුන් දෙනාටම ලැබුනෙ යශිරගෙ හිතට ලොකු නිදහසක් ගේන ගමන්..

සහස් වගේම කවී උඩ පැනලා ඒ දෙනගෙ සපෝට් එක තුන් දෙනාට දෙද්දි යශිරට හිතුනෙ ජීවිතේ තවත් එයාට බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ නේද කියලා..

ලොකු අයියල නුවර පදිංචියට ගිහිල්ල දැන් මාස දහයක් විතර වෙනවා... තුන් දෙනා එක්කම ඉතින් නිවාඩුවක් ලැබුන ගමන් නුවර දුවන්නෙ අයියල වගේම පොඩ්ඩො දෙන්නව බලල එන්න..
චලන එක්කමයි යශිර තවම වැඩ කරන්නෙ.. උදේට බිනර චලනවයි යශිරවයි දාගෙන වැඩට එනවා හවසට දෙන්නව එක්කගෙන ගෙදර යනවා...
හවස් වරුවෙ තුන් දෙනා එක්ක මොනවහරි උයලා කාල බීල කාලය ගත කරද්දි යශිර බිනරගෙයි චලනගෙයි උනුහුට මැදී වෙලා ඒ දෙන්නගෙ ආදරේ විදින්නෙ ජීවිතය කියා ගන්න බැරි තරම් සාමකාමීව ලස්ස්නට ගෙවෙනව කියල හිත හිත...

යශිර කල්පනා කරන ගමන් එයාගෙ ශර්ට් එකේ කොලර් එක උඩට උස්ස ගත්තෙ  එයාගෙ ඇගේ පාටට ගැලපෙන්න  තෝරල ගෙනාපු ෆවින්ඩේශන් එක බෙල්ල පුරා තිබ්බ රතු උන මාක් වල ආලේප කරල යාන්තම් ඒක පාරවල් මකා ගන්න ගමන්...

You've reached the end of published parts.

⏰ Last updated: Oct 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ආයිමත් දවසක .Where stories live. Discover now