තුන් වන පරිච්ඡේදය

268 61 29
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඇතුලට එන්න. ...."

    මම  අඩියක් දෙකක් ඉස්සරහට තියන්න  ඇති  ආයෙමත්  ඒ ගැඹුරැ කටහඩට ඉස්සෙල්ලාටත් වඩා මගෙ ලගින් ඇහුන. ....
  

      "තමුන්ගෙ නම.. ..... "

  

    බිම බලන් උන්න මම ඔලුව  ඉස්සුව. ....

   
     " වි... වින්සඳ රත්නායක    ..   .... "

  
***************************************

"මම ඇහුවේ තමුන්ගේ නම... නැතුව නමේ කෑල්ලක් නෙවේ....."

"සො. ..සොරි ..... සර්......මම ........ රත්නායක මුදියන්සේලාගේ දැහැන් අනුරාග් වින්සඳ රත්නායක. ...."

"......හ්ම්ම්ම්. ... වයස "
......

වයස..... නම අහද්දී නමේ කෑල්ලක් කීව කියල බැනුම් අහපු මම වයස අහපුවම කල්පනා කරන්න ගත්ත...... තාරැට මාස පහක් කියන්නෙ.... ප්‍රශ්නයක් නෑනෙ. .. එතකොට මම අප්පෙක් වෙලා තියෙන්නේ දහනවයෙන්....මේ මනුස්සයා බැන්දෙ කීයෙන් ද අහවිවත්ද. .... කමක් නෑ. ......එතකොට මම බැදල තියෙන්න ඕන දහඅටෙන්නෙ..

"විස්සයි. ..."

.... "අයිඩෙන්ටි කාඩ්  එක ලග තියෙනවද. ...."

."සර්...."

" ඔය කීව දේවල් ඇත්තද කියල බලන්න ඕන මට....... විස්සයි කීවනෙ වයස...මට එහෙම පේන්නෑ. ... නීතියට අනුව බාල වයස්කාර දරැවො මෙහෙකාර සේවයේ යෙදවීම වරදක්. ..... අයි.ඩී එක දැන් ලග තියෙනවද. ..."
........

..

මහේෂි අක්ක මොනදේ වැරදියට කීව උනත් අපරාදෙ කියන්න බෑ මේ මනුස්සයා ගැන නම් හරියටම කියල.... එක අතකට ජීවිතේට පලවෙනි වතාවට දැක්ක මනුස්සයෙක් කොහොම නම් එකපාරටම විශ්වාස කරන්න.... ඒ අතින් බැලුවම මේ මනුස්සයා හරි....... සුදූ උඹටත් පුළුවන් උනානම් උඹගෙ ජීවිතේට ආව පලවෙනිම මනුස්සයා විශ්වාස කරන්න කලියෙන් ඒ විශ්වාසෙ රැකගන්න පුළුවන් මනුස්සයෙක් ද කියල බලන්න. .... එහෙනම් උඹ අදටත් හුස්ම ගන්නව .... ..... මම සාක්කුවෙ දාගෙන උන්න අයි. ඩී කාඩ් එක ඒ පැත්තට දික් කරා . ..... මම බලන් උන්න. ... ඒ ඇස් මගෙ අයිඩෙන්ටි කාඩ් එකේ එහාට මෙහාට වෙනවා. .....

නිසල සඳ නුඹWhere stories live. Discover now