හත්වැනි පරිච්ඡේදය.

238 60 23
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

     මම අන්තිම වචන ටික හිත ඇතුලෙ  විතරක් හිරකරගත්ත. .....   අතේ තිබුණු  හිස් කෝප්පෙත් එක්ක මම නැගිට්ට උනත්  ඒ තත්පරේම නිකල් කෝප්පෙ ටයිල් පොලොව උඩ නැවතුන  ....... කොටින්ම මගෙ පිටිපස්සෙ උන්නෙ සීතනැන්ද කියල හිතන් හිතට එන විකාර කියවන්  ගිය මම හිතට වගේම කටටත් නැවතුමක් දුන්න. .... . ...  ඒ උනත් මගෙ ඇස් තාමත් එහෙමමයි. ...   

   
   "පු  පුංචි. .මහත්තයා ..... පුංචි මහත්තයාට මොනවද ඕන....."

   "මගෙ කාමරේට එන්න. ...."

...
************************************

   "කාමරේට. ..... කාමරේට මොක්....

    මේ මනුස්සයාට  ඒ  ටිකට  අතුරුදන්....  මම  ඒ උනත් බුම්මට්ට මහත්තයාගෙ කාමරේට අඩිය තිබ්බ. .....

        "පුංචි මහත්තයා. ..... මම එන්නද...."

   එන්න. ....

  

     දොරකඩට වෙලා  උලු වැස්සට තනිරැකල උන්න  මම   බුම්මට්ට මහත්තයාගෙ  ඒ ගැඹුරැ කටහඩට  ආයෙමත් පියවි සිහියට ආව වගේම  කාමරේ  ඇතුලට අඩිය තිබ්බ. .....

   "මේ තෙල්ටික මගෙ ඔලුවෙ  ගානවා. . .. "

   මොනාද මන්ද තෙල් බෝතලයක් දික් කෙරැව බුම්මට්ට මහත්තයා ඒක එයාගෙ  ඔලුවෙ ගාන්න කියන ගමන්  පුටුවෙන් වාඩිඋනා. .... ඒකත් කණ්ණාඩි මේසෙට පේන දුරින්. .....   මම අල්ල  මැද්දට තෙල් ටිකක් හලාගත්ත....  සීතලයි... මේ සීතලේ මේ තෙලත් ගාල මේ මනුස්සයාගෙ නහය බුරැල් වෙයිද මන්ද. ...  ඕන එකක්...  තෙල් ටික අල්ලෙ ඇතිල්ලුව මම ඒ  කොණ්ඩා කෙස්ගස් අතරින්   එහාට මෙහාට තෙල් ගාන්න ගත්ත. ... සිනිදු යි. ... මගෙ අත එහාට මෙහාට වෙද්දී  ඒ  ඇස් පියැවිල යන්න ගියා. .... 
    

   "  දැහැන්. ..."

  "  පුංචි මහත්තයා. .."

     සද්දයක් නෑ...දැන්  තත්පරේකට කලින් මගෙ නම මුමුණපු මනුස්සයා  එහෙමම  සද්දෙ වහල උන්න .. ඇත්තටම බුම්මට්ට මහත්තයාට මොනාද මට කියන්න ඕන.....  මම  එහෙමම  කණ්ණාඩි මේසෙන් පේන ඒ මූණ දිහා බැලුව. .... තාමත්  ඇස්  පියාගෙන. ....  නිදිවත්ද ..... ....

නිසල සඳ නුඹWhere stories live. Discover now