-02-

12 2 0
                                    

... මෑතකදී මුහුණුපොතේ පෝස්ටුවක දුටු කියමනක් මා වෙනුවෙන් සපථ කළේ ඔහු ය.
' ආදරණීය පිරිමින්ට ලෝකයෙන් සඟවන්න දේ නැත'
ඉදින් ඇත්ත ය.
ඔහු නම් සැබෑම ආදරණීය පිරිමියෙක් ය.

~02 කොටස~

ඔහු මගේ තනි තරුව ය.
නැතිනම් මගේ යෙහෙළියන් අතරේ ඔහු හැඳින්වුණේ සුදු අයියා ලෙසින් ය.

ඉදින් ඒ සතිය ගෙවී ගියේ ඇසිල්ලකිනි. ඊළඟ සෙනසුරාදාවේ උදෑසන ඔහු මා වෙනුවෙන් බලා නොඉද්දී දැනුනු මූසල ම හැඟීම වචන කරගත නොහේ ය.
දුරදී ඔහුව දුටුවත් ඒ හිතේ මැවුනු මායාවක් පමණක්ම වූයේ ය.
හවස තුන පසුවී මිනිත්තු පහළොවක් ගිය තැන ඔහු වෙනුවෙන් දෑස් රිදෙන තෙක් බලා උනිමි.

නමුත් ඔහු නොවේ. නන්නාදුනනා ගෑනු ළමයෙක් ඇවිත් මා හා දොඩන්නට විය.
තද තලෙලු පැහැයක් ගත් සමක අයිතිකාරියක් වූ ඈ යම් තරමකට හොඳින් ඇඳපැළඳ සිටියත් මගේ දෑස් ඉන් සෑහීමකට පත් නොවුණි.
' ආකාශ්ව දන්නව නේද' ඒ ඈ ඇසූ පළමු පැනයයි.
අදහන්න! මා ඔහුගේ නම දැනගත්තේද එවිට ය.
ඔහුගේ පෙම්වතිය ඈ බව  ඈ කියද්දී සවන්පත් උගුල්ලා දමන්නට සිතිණි.
එක අතකට ඒ තලෙලු පැහැ ඈ අර තරම් කඩවසම් ඔහුට නොගැළපෙන බවකුත් තිබුණේ ය.
නිතර ම අනුගමනය කරනා මගේ ම නීතියක් වූ තනි තීරණ ගැනීමෙන් වැළකීමේ නීතියට යට ව සිත අඟුලුලා උන්නෙමි. අනෙක් අතට රූපය පමණක්ම දැන ගැළපීම් නොගැළපීම් සෙවීම කිසිසේත් ම සාධාරණ නැත.

'ඔයා ගැන එයා මට කියල තියෙනවා'
'පොඩි කෙල්ලෙක් එයාගෙ පස්සෙන් එනවා කියලා'
ඒ මගේ හදවත සිදුරු කරන්නාක් බඳු ඇගේ වදන් ය.
එකදු වදනකවත් විශ්වාස කළ හැකි තරමේ පැහැදිලි බවක් නොතිබුණි.
පොඩි කෙල්ලක ලෙස මා හැඳින්වීමට තරම් බොළඳ මානසිකත්වයක මා නොසිටි බවත් දැන උන් ඔහු කිසිසේත් ම එසේ මා හඳුන්වන්නේ නැති වග මගේ විශ්වාසය විය.
ඒ නැතත් මට වඩා උපරිමයෙන් අවුරුදු හතරකට වැඩිමල් යැයි සිතිය හැකි ඈ මට එසේ පොඩි කෙල්ලක යැයි පැවසීමද නොගැළපෙන්නක් විය.
ඒ නැතත් මේ අහම්බකාරක සිදුවීම් ඔස්සේ ගලාගිය කාර්තුවකට නොවැඩි කාලය ඇතුළත ඔහුත් මාත් අතර ඇය සිටි වගක් නොදැනිනි. එසේ ඇයගේ පෙම්වතාගේ තනතුර ඔහු සතු නම් මා වෙනුවෙනුත් මඟ බලාවි යැයි නොසිතිය හැකි පෞර්ෂයකින් යුතුව ඔහු මගේ හදවත තුළ ඒ වනවිටත් ගොඩනැඟී උන්නේ ය.
ඔහුට එක් වදනකින් හෝ දොසක් කියන්නට ඉක්මන් නොවුණෙමි.

රූKde žijí příběhy. Začni objevovat