-03-

9 2 0
                                    

...එහෙත් එක් අළු පාට සැඳෑවක ඔහු මා ඉදිරියේ විය.
මා උන්නේ අයියා එනතුරු මඟ බලාගෙන 'මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැසිවැටෙන වෙලේ' ගීතය මුමුණමින් ය.

ඉදින් නැවතත් ඔහු මාසිත ආක්‍රමණය කළේය. සතුටින් පිරවූයේය.

~ 03 කොටස~

ගණනය කළ නොහැකි තරම් වූ අපේ පවුලේ කිසිදු කෙනෙකු ආකාශ් නමැති සොඳුරුම පුද්ගලයාට අකමැති නොවූහ.

ගැහැණුන් ඊර්ෂ්‍යාව නම් වූ හැඟීමෙන් මිදිය යුතුයැයි කියමි. තව ද පිරිමියෙකුට වැඩියෙන් අන්‍යයෙක් සමඟ කථනයේදී වැඩිදුර සිතිය යුතු යැයි කියමි.
නමුත් ඒ ඔහු හමුවූ පළමු නිමේශයේදී ම සිතේ දැවි දැවී තිබූ පැනය ඔහුගෙන් ඇසුවෙමි.

' ඒ කවුද අයියේ'

මගේ පසෙකින් සිටගෙන උන් ඔහු මා දෙස බලා ඇහිබැම ඔසවා අභිනයෙන් ඇයි යැයි විමසුවේ ය.

ඉදින් නැවතත් අතීතයට පිවිසියෙමි.
එක් හැන්දෑ වරුවක මාත් ඔහුත් අතර මීටර් දහයකටත් අඩු දුරක් පවතිද්දී ඒ දුර අඩුකරනු වස් ක්‍රියා නොකරමින් ම අපි දෑස්වලින් කතා කළ ආකාරය සිහියට නැඟුනි.

ඔහු ඇහිබැම ඔසවා ඇයි අසන විට මාද ඒ නොසලකා ඇහිබැම ඔසවා ඔහු දෙස බැලුවෙමි. මාරුවෙන් මාරුවට එසේ සිදුකළ 'ඇයි' සංග්‍රාමයේ අවසානය සනිටුහන් වූයේ ඔහු දෑස් පියා ලොව ලස්සනම මඳසිනහවෙන් මා දෙස බලද්දී ය. ඉදින් නැවත මා සිනාසෙද්දී ඔහු මා වෙත දෙතොල් උල් කර විකාරරූපී අභිනයන් පෑවේ ය.

ඒ අතීතයේ ගිලීහුන් මාගේ දෙතොල් මත ලා සිනහවක් ඇඳුනු බැව් දැනුනි. මා දෑස් තවමත් ඔහුගේ වත මත ය. සිහියට එළඹියායින් පසු ඔහු දෙස බලද්දී ඔහු ' මේ මොන පිස්සියක්ද' වාගෙ මා දෙස බලා හිඳියේය.

නැවත ඇහිබැම උස්සා මා දෙස බැලූ ඔහුගෙන් මා නැවතත් ඒ පිළිබඳ විමසුවෙමි.

' ඔයා ගියායින් පස්සේ එක ගෑනුළමයෙක් ඇවිත් එයා ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වා'
ඉදින් ඒ මතක නැවතත් හාරා ඇවිස්සෙද්දී නොදැනීම නෙතු කඳුලින් තෙත් වන බැව් දැනිණි.

'ඇයි කඳුලු චූටිමැණිකේ'

'චූටිමැණිකේ?'
ඒ ප්‍රශ්නාර්ථයකි.

රූWhere stories live. Discover now