02

2.6K 313 20
                                    

"වතීෂ්...මම ඒක හොඳට කළාද..."

"ම්ම්..."

"මොකද්දප්පා ම්ම් ම්ම් ගාන්නෙ...කටඇරල කියනවකො හොඳ නම් හොඳයි කියල..."

සිංදුව ඉවර වෙලා ස්ටේජ් එකෙන් බැස්ස ගමන් එයා හිනා කටක් පුරවන් දුවගෙන ආවෙ මා ගාවට....

"අඩෝ යුවේනයා උඹ නම් නියමයි හොඳේ...."

"උඹට මාර කටහඬක්නෙ බන් තියෙන්නෙ....සුපර් ස්ටාර් යමන්....එකෙන්ම තේරෙයි...."

"අඩෝ සිරාවටම බන්...."

ඒත් එක්කම අපි ගාවට කිට්ටු උනු අපේ ක්ලාස් එකේ කොල්ලො ටික යුවේන්ව සෑහෙන අගය කලා....උන් කියන එක ඇත්ත යුවේන් තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්....

"වතීෂ්....වතීෂයෝ..."

"ම්ම්....ඇයි ඇයි...."

"කියනවකො ඒක හොඳයිද නැද්ද...."

"ඇයි බන් දැන් අරුන් කීවා ඇහුනෙ නැද්ද..."

"ඒ උන්නෙ...මට ඕනි ඔයාගෙ අදහස....උන් නෙවේනෙ මගෙ හොඳම යාලුවා තමුසෙනෙ...."

"ම්ම්...කැතේ බෑ...ටකරමකට ගල් ගැහුවා වගේ...."

"වතීෂ්....!!! මම තමුසෙට...."

"ආ....ආ අතෑරපන් බන් බෙල්ල....මොන හු..."

ඔහොම තමයි ඉතිං හැමදාම...මම ආසම දේ මොනවහරි කියල යුවේන්ව අවුස්සගන්න එක....කොච්චි පරාදයි මේකා ඇවිස්සුනාම....මට වඩා ටිකක් කොට උනාට මොකද උඩ පැනල හරි මූනටම අනිනව වෙලාවකට....

අද අපේ ආර්ට් ඩේ එක....දහතුන වසර අපිට ලොකු වැඩක් නොවුනට පොඩි පොඩි අයිටම්ස් වගයක් අපිටත් වෙන් වෙලා තිබ්බා....ඒකෙන් එකක් තමයි යුවේන්ගෙ සෝන්ග් එක....

"විහිලු නෙවේ වතීෂ් ඇත්තටම කියනවකො...."

"ලස්සනයි බන්...අමුතුවෙන් කියන්න දෙයක් නෑ....උඹට ලස්සන අනාගතයක් තියෙයි මියුසික් එක්ක...."

මම බලාගෙන එයාගෙ ඇස් දිලිසුනා....මූනට නිකම්ම හිනාවක් ආවා....කවුරු මොන කමෙන්ට්ස් දුන්නත් එයාට වැඩක් නෑ මගේ කමෙන්ට් එක නැතුව....ඒක එදා ඉදන්ම හැටියක්....

මම ඕනි මේ දිලිසෙන ඇස් හැමදාටම මගේ කරගන්න....ළඟින් තියාගන්න....මටම විතරක් ලියාගන්න....ඒත් ඒකට ඉඩක් නෑ....

යුවේන්ට මම කියන්නෙ එයාගෙ හොඳම යාලුවා....හොඳම යාලුවා විතරයි....

මල්හීන හිත බැන්ද
කිරිකෝඩු කාලේ...
එක හීනයක් ගාව මම නැවතිලා
තරු වාගෙ දිලිහෙද්දි
පොඩි ඇස් ඔයාගේ...
බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා...





𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹

මිතුදමෙන් එහාWhere stories live. Discover now