21

2K 314 22
                                    

"වතීෂ්...."

"ම්ම්..."

රවුමක් ගහන්න ඇවිත් අන්තිමේ අපි නැවතුනේ බීච් එකේ....ඊයෙ හවසම යුවේන් මා එක්ක කොළඹ එන්න ආවා....ඌ උගෙ ගෙදරට ගියා මම අපේ ගෙදර ගියා....

උදේ මම කාර් එක අරන් යුවේන්වත් දාගෙන රෝන්දයක් ගහල බීච් එකට ආවා....ඇති වෙනකල් රැල්ල පාගල අන්තිමේ මහන්සි දැනෙද්දි අපි හෙවනක් බලල වැල්ලෙම වාඩි උනා....මුහුදු රැල්ල වෙරලට එනව ආපහු යනව....බීච් එකේ වැඩිය සෙනඟක් නෑ....කපල්ස් දෙක තුනක් එක්ක තව දෙතුන් දෙනෙක් හිටියා...පුංචි එකෙක් බෝලයක් පස්සෙ පන්නනව....අම්මද කොහෙද පොඩි එකා පස්සෙ දුවනවා....

"වතීෂයෝ..."

"ම්ම්...ආ...ඇයි...."

"මොකද බන් ගැස්සෙන්නෙ...."

"කවුද ගැස්සුනෙ....උඹට ඔල්මාදෙද..."

කොච්චර සාමාන්‍ය විදිහට ඉන්න හැදුවක් ඊයෙ ඉඳන්ම මගෙ හිත බරයි....යුවේන් මොකක් කියන්න හදනවද කියල හිතලම මට මහන්සියි....ඌ කතා කරන ගානෙ මාව ගැස්සිලා යන්නෙත් ඒකයි....

"වතීෂ් මම මේ කියන්න හදන දේ මුලින් හොඳට අහගෙන හිටපන්....ඊට පස්සෙ උඹට කැමති දෙයක් කියපන්....හැබැයි මට පොරොන්දු වෙයන් මම මොනදේ කීවත් උඹ මාත් එක්ක තරහ වෙන්නෙවත් මගෙන් ඈත් වෙන්නෙවත් නෑ කියල.....පොරොන්දු වෙන්න පුලුවන්ද වතීෂ්...."

"ම්ම්ම්...පොරොන්දු වෙනව...."

"වතීෂ් මම උඹට ආදරෙයි...."

"යුවේන්...!!! "

"මේ අහපන් බන්....මම...මම...."

මම අවුරුදු හතකට කිට්ටු වෙන්න කියාගන්න බැරුව හිරකරන් හිටපු දේ යුවේන් පොල්ලෙන් ගහනව වගේ කියද්දි මට අදහාගන්න බැරි උනා....ඒ හින්දමයි මට හයියෙන්ම යුවේන් කියල කියවුනේ....ඒත් ඒක යුවේන් තේරුම් ගත්තෙ වැරදියට....ඌ බය උනා....දිලිසෙන ඇස් දෙකේ කඳුළු පිරුනා....යුවේන් හැදුවෙ මට පැහැදිලි කරන්න උනත් ඊට කලින් ඌව ඇදල ගත්ත මං තදකරල බදාගත්තා....

"ව....වතීෂ්...."

"ම්ම්...."

"මං...."

"ෂ්ෂ්....මොකුත් කියන්න එපා....මට මෙහෙම ඉන්න දියන්....මට කියන්න ගොඩක් දේවල් තියෙයි හැබැයි මෙහෙම ටිකක් ඉන්න දියන්...."

ටිකක් වෙලා යුවේන්ව බදාගෙන ඉඳපු මං ඌව මගෙන් ඈත් කලා....ඈත් කරල උගෙ ඇස් දෙක දිහා කෙලින් බැලුවා....

"දන්නවද යුවේන්....උඹ ගොඩාක්....ගොඩාක් හිත හයිය කොල්ලෙක්....දන්නවද බන් උඹේ ඔය හයිය මට නොතිබ්බ හින්ද අවුරුදු හතක් තිස්සෙ මම ලත උනා කියල...."

"වතීෂ්....!!! "

"ම්ම් ඔව් බන්....උඹ ඉස්කෝලෙට ආව දවස්වල ඉදන්මයි මට උඹ ගැන හැඟීමක් දැනුනෙ....කල් යද්දි ඒක ආදරේ කියල මම තේරුම් ගත්තා....හැබැයි ඒක උඹට කියන්න මම බයවුනා....ඉතිං...."

"ඉතිං මෙච්චර කල් උඹ තනියෙන් ආදරේ කරා....උඹ මහ හරකෙක් යකෝ....ඇයි මට නොකීවෙ....මම උඹව එපා කියයි කියල හිතුවද ..."

"නෑ කීවොත් ඒක බොරුවක් වෙනවනෙ....මම බයවුනා උඹ මගෙන් ඈත් වෙයි කියල....ආදරේ කියන්න ගිහින් යාලුකමත් නැති වෙයි කියල...."

"හ්ම්ම්ම්....මටත් මගෙ හැඟීම් තේරුම් ගන්න උඹ ඈත් වෙනකල්ම බැරි උනා බන්....උඹ ගිහාම තමයි මට තේරුනේ මගේ හිතේ උඹ ගැන යාලුකමට එහා ගිය හැඟීමක් තියෙනව කියල....හැබැයි බන් මම උඹ වගේ ලත උනේ නම් නෑ...මම හිටියෙ උඹට ආදරෙයි කියල කියනවමයි කියන සිතුවිල්ලෙ....උඹ මාව ප්‍රතික්ශේප කරන්නෑ කියල විශ්වාසයක් මට තිබ්බා...."

"ආ එහෙමද මහත්තයා....හැබැයි මෙහෙමයි මම තාම උඹට හා කීවෙ නෑ....මොකද කියන්නෙ මම උඹව රිජෙක්ට් කරන්නද...."

"කරල බලපන්කො...."

"ඇයි උඹ මොනවකරන්....ආ...ආ....අතෑරපිය බූරුවා....මරන්නද හදන්නෙ...."

"ඔව් මට නැත්තන් කාටත් නෑ....උඹ මගේ....මගේ වි...ම්ම්...ව්...ව්....ම්ම්..."

මං උගෙ විතරයි කියල බෙල්ල මිරිකන්න දඟලන යුවේන්ව එහෙමම අල්ලගත්ත මං කච කච ගාල කියවන තොල් මගෙ තොල් වලින් සීල් කරා...මම අවුරුදු හතක් බලා හිටියා මේ වගේ මොහොතකට....අන්තිමට මගෙ කොල්ලම ඉස්සර උනා....මට ආඩම්බරයි මගෙ හිත හයිය කොල්ලා ගැන.....උඹ ඉස්සර නොවුනා නම් මම තාමත් ලත වෙවී වේලෙනව බන්....

විනාඩි ගානක ආදරණීය හාදුවකට පස්සෙ යුවේන්ගෙ නලලට මගේ නලල හේත්තු කරපු මං ඒ ඇස් දිහා බැලුවා.....ඒ ඇස් දිලිසෙනව....

"මං ආදරෙයි මගෙ යුවේන්....ගොඩක් ආදරෙයි....හැමදාම මා ගාව හිටපන්....මගෙ ලඟම හිටපන්...."



මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා...
බිඟු රැව් නැගෙනා
මේ ප්‍රථම  වසන්තයයි...








𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹

මිතුදමෙන් එහා Where stories live. Discover now