38.... ෂින් ෂූ පුස්තකය ....✨️

800 265 102
                                    

🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮.............

.
.
.
.

වස්සාන අසපුවේ සියලුම වෙදැදුරන් එතැනට එකතු වී සිටි අතර ඔවුන් බලාගෙන සිටින්නේ තමන් එහි පැමිණෙන තුරු බවත් සියැන් දුටුවේය ... ඉතින් ඔහු ප්‍රධාන වෙදැදුරන්ට සහ අනිත් සියලුම දෙනාට ආචාර කළේය..

" විසඳාගත නොහැකි ගැටලුවක් පැන නැගී තිබෙනවා සියැන්...............

**

සියැන් සියලුම දෙනා හට ආචාර කරනතුරු නිහඩව සිටි ප්‍රධාන වෙදැදුරන් ඔහුගේ හඬ අවදි කළේය...... මෙතැන සිටින සියලුම දෙනාගේ මුහුණුවල ඇත්තේ බැරෑරුම් බවකි..... ඉතින් කුමක් නමුත් බරපතළ ගැටලුවක් බව අවබෝධ වූ සියැන් දැන් ප්‍රධාන බෙල්ල තුරන් යළිත් හඬ අවදි කරන තුරු බලාගෙන සිටින්නේ ය....

" ෂින් ෂූ පුස්තකය......."

ප්‍රධාන වෙදැදුරු තුමන් ඔහුගේ දකුණු අතින් යටි රවුල අතගාමින් එලෙසින් පවසද්දී සියැන්ගේ දෙනෙත් පුදුමයෙන් විසල් වී ගියේය... ෂින් ෂූ පුස්තකය යනු වස්සාන අසපුවේ හදවත යැයි පැවසුවොත් නිවැරදිය.. අදටත් එය විවෘත කර ගන්නට කිසිවෙකුට නොහැකි වුණත් හැමදාටමත් කුඩා ආලෝකයක් විහිදුවන මෙම පුස්තකය අතීතයේ මුතුන් මිත්තන්ගේ පටන් පනමෙන් සුරැකි වස්තුවක් යැයි කීවොත් නිවැරදිය....

",පුස්තකයට කුමක් සිදු වෙලාද....."

සියැන් කලබලයෙන් මෙන් විමසුවේය...

" කුමරුන් වස්සාන අසපුවෙන් පිටත් වී ගිය පසුව වස්සාන අසපුවේ නොයෙක් වෙනස්කම් සිදු සිදුවූ බව පැවසුවා මතකද......"

දැන් මේ හඬ අවදි කර තිබෙන්නේ සිචූයිගේ පියාය.... වස්සාන අසපුවේ ප්‍රධාන වෙදදුරන් ට සහ ෆැන්ගිට පසුව තීරණ ගැනීමේ වැඩිම අයිතිය තිබෙන්නේ ඔහුටයි...

" ඔව් ......... මා ඒ පිළිබඳව දැනුවත්....."

සියැන් පැවසුවේය ...

" ඒ දිනවල ෂින් ෂූ පුස්තකයේ ආලෝකය පවා අඩු වී ගියා........"

එවරනම් සියැන්ගේ දෙනෙත් තවත් පුදුමයෙන් විසල් වුණේය....

" ඔබගේ විවාහයෙන් පසුව එහි ආලෝකය එන්න එන්නම වර්ධනය වෙනවා..... ඉතින් අප සියලු දෙනාම යළිත් වතාවක් පුස්තකය විවෘත කරන්නට උත්සාහ කළත් එය නිෂ්ඵලයි........ නුඹත් එය විවෘත කරන්නට උත්සාහ කළ යුතුයි.. නුඹට තනිව නොහැකි වුවහොත් නුඹ සහ කුමරුන් ගේ ස්පර්ශයෙන් ආලෝකය විහිදුවන පුෂ්පයන් ආලෝකවත් වූ ලෙසින් පුස්තකය විවර කර ගන්නට හැකි වේවි යැයි අප විශ්වාස කරනවා......"

🔮🔮The Secret Of Yangzhai 🔮🔮 ...... Yizhan Historical ✔  Where stories live. Discover now