48... දඟකාර සියැන්.... ✨️

862 258 118
                                    

🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮....

🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.

උදෑසන ආරම්භවූ රාජාභිෂේක මංගල්‍යය සන්ධ්‍යාව වනතුරුත් පැවතියේය .... සත්දිනක් ඉතින් රජවාසලේ එලිමහන් භූමියේ උත්සව පවතින අතර උදෑසන දිවා සහ රාත්‍රී ආහාර ඒ සතිය මුළුල්ලේම සාමාන්‍ය ජනතාවට එතනින් ලබා දෙන්නේය..... සවස් වන වන විට වස්සාන අසපුවේ සියලුම දෙනා පිටත්ව ගිය අතර තවත් දෙසතියකින් සිදුකරන සියන් ගේ සොයුරියගේ මංගල්‍යය ටත් කන්ෂී රජුන් හටත් ආරාධනා කලේය....

යුයෙන් කුමරුන් ගේ කුටිය වෙනුවට මහරජුන් හට වෙනමම කොටසක් වෙන්වී ඇති අතර කන්ෂී රජුන් අග මෙහෙසිය මියගිය දිනයේ පටන් එය භාවිතා කළේම නැත... ඉතින් ඔහුගේ උපදෙස් පරිදි එම කොටස පිරිසිදු කර අළුත් වැඩියා කර අවසන් වී තිබුණු අතර සියැන්ගේ සහ යුයෙන් රජුන්ගේ බඩු බාහිර ආදිය සියල්ල මේ වන විට එහි සූදානම් කර අවසන් ය....

එතනින් කෙලින්ම රහසිගත උද්‍යානයට දොරටුවක් තිබෙන්නේය.... ඔවුන් සිටි කුටියට වඩා දහ ගුණයක් පමණ මෙම කොටස විශාල අතර නිදන කුටි තුනකින් සමන්විතය.... යුයෙන් මහරජුන් පැමිණෙන්නට ප්‍රමාද වන බව දන්නා නිසාම සියැන් මාඕ සහ මෙන්නිලා මෑණියන් සමඟ එතැනට ආවේය ....

කුටියට පිවිසි සියැන්ගේ දෙනෙත් විසල්වී ගියේ එය සම්පූර්ණයෙන්ම සූදානම් කර ඇත්තේ වස්සාන අසපුවේ තමන්ගේ කුටිය ලෙසින් බව දුටු නිසාවෙනි.... මේවා ඉතින් යුයෙන් තමන්ව පුදුම කරවන්නට යොදන උපක්‍රම බව අමුතුවෙන් පවසන්නට දෙයක් නැත....

" සියැන් සතුටින්ද....."

මෙන්නිලා සියැන්ගේ අතකින් අල්ලාගෙන ඇසුවේය .....සියැන් වටපිටාවෙන් දෙනෙත් මුදවා ගන්නේ ම නැතුව ඔව් යැයි හිස සලද්දී ඇය සිනාසුනේය ....

🔮🔮The Secret Of Yangzhai 🔮🔮 ...... Yizhan Historical ✔  Where stories live. Discover now