02

91 27 10
                                    

ඉක්මන් කරනවා!!!!
අශ්වයාගේ පිට හිටිය සෙම්පති කෑගහද්දි දම්වැල් වලින් ගැට ගසා හිටිය පිරිස ඉදිරියට ඇදුනා.

පැවති යුද්ධයත් සමග ශින් රාජ්‍යය පරාජය වීමෙන් ශින් රාජ්‍යයේ වැසියන් වහල්ලුන් ලෙස ඩේගන් රාජ්‍යයට රැගෙන ගියා. තනි තනිම අත්වල දම්වැල් දමා තරුණියන් ලාමක තරුණයන් හා කුඩා ලමුන්ව ඔවුන් මේ රැගෙන යන්නේ ඩේගන් රාජ්‍යයේ කුමරු වෙතටයි.

එතනින් පැමිනි සෙබලු එන තරුණියන්ටයි ලාමක තරුණයන්ටයි ඇහැ ගහගෙන ආවේ කුමරුගේ තෝරාගත් පිරිසරන් පසු ඉතිරි වෙන අයව ඔවුන් ලබා ගැනීමටයි.

කොතරම් තරුණියන් ආවත් සේනාපති ඇතුලු අනිත් සෙබලුන්ගේ ඇස් තිබ්බේ හීනි ඉගක් හා දිගු වරලසකට හිමිකම් කියන මුණ වසාගෙන සිටි ඒ රූමත් වහල්ලා වෙතටයි. කුමරුට කලින් ඔවුන්ට කිසි දෙයක් කර ගැනීමට නොහැකි නිසා ඇස් වලින් පමණක් ඔහුව ස්පර්ශ කර පැමිනියා.

නවතිනු!!
සේනාපති අණට හැමෝම නතර විය. වට පිට බැලු ඔහු අශ්වයාගෙන් බැස ඇවිදගෙන ගියේ වතුර බොන්නයි. අනිත් සෙබලුත් ගමන් විවේකයක් ගන්න පැත්තකට වුනා. ඒ අතරින් මුව වසාගෙන සිටි තරුණයා.

අපිට මෙතනින පැන යා නොහැකිද?
හැරිලා ඔහුගේ හොදම මිතුරාට කිව්වේ කනස්සල්ලෙන්

එය විහිලුවක් ජංකුක්....ඔබ සිතනවද අප මෙතනින පැන ගියොත් වෙන දේ? අපි දෙන්නට දරාගත නොහැකි දඩුවමක් නියම කරයි....ඩේගන් රාජ්‍යයේ කුමරුන් තෝරාගත හොත් අපිට සිදුවෙනවා ඔහුත් සමග යහන් ගත වෙන්න...එසේ නොමැතිනම් මුළු තැන් ගෙදර හෝ යම් කිසි තැනක වහල්ලෙක් ලෙස වැඩ කල හැකියි.....එය අමාරු නමුත් අපි ජිවත් වෙයි.........

එවැනි ජීවිතයක් ජීවත් විමේ ඇති පලේ කුමක්ද ජිමින්?එයට වඩා හොදයි මරණය.......
ජංකුක් එසේ කියා අහක බලාගත්තා. දුක්බර හිනාවක් දැම්ම ජිමින් ජංකුක්ගේ නිකටින් අල්ලා තමන්ගේ පැත්තට හරව ගත්තා.

CANNIBALDonde viven las historias. Descúbrelo ahora