01 - ගෙන්දගම් පොළවට

208 18 34
                                    

මම මාතරින් කෝච්චියට ගොඩ වෙලා මුහුද පැත්තෙ අයිනෙ ශීට් එකක වාඩි උනේ කොළඹට යනකන් මුහුද දිහාවත් බලාගෙන යන්න හිතාගෙන. ෆෝන් එකේ සින්දුවක් ප්ලේ කරලා හෑන්ඩ්ෆ්‍රී දෙකත් කන් දෙකේ ගහගනිද්දි කෝච්චිය හෝන් එකකුත් ගහගෙනම මාතරට ආයුබෝවන් කියලා ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තා. මීට කලින් කොළඹට ගිහින් නොතිබුනු නිසා හිතට පොඩි බයක් දැනුනත් මාව එක්කගෙන යන්න කොළඹ කොටුවටම අම්ම එනව කියල කිව්ව නිසා මම බය අමතක කරලා මේ ගමන එන්න පිටත් උනා.

අපි මහ ලොකුවට සල්ලි තිබුනු මිනිස්සු නෙමෙයි. අම්ම කොළඹ ගෙදරක වැඩ කරලා හම්බ කරන සල්ලි වලින් මායි මගෙ ආච්චම්මයි ජීවත් උනේ. මාස දෙක තුනකට සැරයක් අම්මා ගෙදර ඇවිත් ගියාත් මම දන්න කාලෙ ඉඳන්ම අම්ම හිටියෙ ඔය ගෙදර. අප්පච්චිත් නැති මාව උස් මහත් කරලා කන්න අඳින්න දෙන්න අම්මට ඒ රස්සාව නොකර බැරි උනා. ඕ ලෙවල් විභාගේ ඉහලින්ම පාස් උනු නිසා අම්මට ඕනි උනේ මාව කොළඹ ඉස්කෝලෙකට දා ගන්න. එතකොට එයත් මගේ ලඟ ඉන්න නිසා මට සතුටු හිතුනත් අම්ම වැඩ කරන ගෙදරම නැවතිලා ඉස්කෝලෙ යන්න කිව්ව නිසා මම තාමත් ඉන්නෙ ඒ ගැන අකමැත්තෙන්.

ඒත් මම දන්නවා ඒ ලෙවල් වලට ඉස්කෝලෙ පටන් ගද්දී අම්මා කොහොම හරි කරලා මාව කොළඹටම ගෙන්න ගන්නවා කියලා. අම්ම වැඩ කරන ගෙදර නෝනයි මහත්තයයි දෙන්නත් මගේ ඉගෙනීමෙ වැඩ වලට ගොඩක් උදව් කරලා තියෙනවා. ඔන්ලයින් පන්ති තිබුනු දවස් වල එයාලම තමයි මට මේ ෆෝන් එකත් අරගෙන දුන්නේ හොඳට ඉගෙන ගෙන අම්මව හොඳට බලාගන්න කියලා. කොච්චර සල්ලි තිබුනත් ඒ මිනිස්සු පොලවෙ පය ගහල ඉන්න කිසිම ලොකු කමක් නැතුව ජීවත් වෙන මිනිස්සු.

හැබැයි අම්ම කියන විදිහට ඒ ගෙදර නෝනටයි මහත්තයටයි ඉන්න පුතා නම් ටිකක් ඇට්ටරයිලු. එකම කොල්ලා නිසා එහෙම හැදිලා කියලයි අම්ම කිව්වෙ. හයි ස්ටඩීස් වලට රට ගිහින් ඉඳලා එයාත් ලඟදි තමා ලංකාවට ඇවිත් තිබ්බේ. මම අද මේ කොළඹ යන්නෙ නම් ඒ ගෙදර තියෙන ලොකු පිංකමකට එන්න කියලා නෝනයි මහත්තයයි දෙන්නම මට කතා කරපු නිසා.

අනිත් පැත්තෙ තියෙන ගහකොල ටික ටික අඩු වෙලා උසට උසේ තියෙන බිල්ඩින් දැක්කම මට හිතුනා දැන්නම් කොළඹට ලඟ ඇති කියලා. පහු වෙන ස්ටේශන් වල නම් කියව කියව ආවේ. අම්ම මට කිව්වනෙ දෙහිවල ස්ටේශන් එකට ආවම කියන්න කියලා. කෝච්චිය නවත්තපු ස්ටේශන්  එකක දෙහිවල කියන අකුරු ටික තියෙනව දැක්ක නිසා මම ඉක්මනටම අම්මට කෝල් එකක් ගත්තා. බැරි වෙලාවත් එයා පරක්කු උනොත් මට වෙන්නෙ පාර හොයාගන්න බැරුව අතරමං වෙලා කොළඹ හිඟාකන්න තමා. නැත්තම් කවුරු හරි මනුස්සයෙක් රස්සාවක් දෙන්න කියලා එක්කගෙන ගිහින් මාව ගණිකා මඩමක හිරකරගනී. අම්මෝ මතක් වෙද්දිත් බය හිතෙනව.

හයිසින්ත් මල් 💜Where stories live. Discover now