03 - අලුත් දේවල්

67 9 7
                                    


"මල් නම් කඩන්න ඕනි. තාම කඩන්න එක්කෙනෙක් තමයි නැත්තෙ "

ඇයි හත්දෙයියනේ මම මෙච්චර වෙලා තනියමද මල් කඩලා තියෙන්නෙ. මේ මිනිහා හොඳට ඉන්නව හිටගෙන. අනික මල් කඩන්න වෙන කවුරුවත් මොකටද. අත් තියෙයිනම් කඩන්නයි තියෙන්නෙ. වට්ටියට මල් පිරෙද්දි තනියම උස්සන් ඉන්න අමාරු නිසා එයාට මුකුත් නොකියම මම වට්ටිය පිරෙනකන්ම මල් කඩලා අවසානෙට කහපාට එක මලක් කඩාගෙන සුදු පාට මල් ගොඩේ මුදුනින්ම ගැහුවා.

මල් වට්ටිය දකිද්දිත් හිත පිරිලා යනවා. සුදු පාට මල් ගොඩාක් මැද තියෙන තනි කහ පාට මල නිසා මල් වට්ටිය හරිම ලස්සනට පෙනුනා. මම ලඟ තිබ්බ ටැප් එකෙන් වතුර ටිකක් අරගෙන මල් වලට ඉස්සා. දැං හරි. මම හිතන්නේ මේ වට්ටිය පුරවන්න අපි මල් ගහෙන් බාගෙකම මල් කඩලද කොහෙද. මල් පිරිල තිබ්බ වතුසුද්ද ගහ ලෝබ නැතුවම අපිට මල් ගොඩක් දුන්නා. බුදුන්ට මල් පූජා කරන මල් ගස්වල පිරිලා මල් පිපෙනවලු. මේකත් එහෙම ගහක වෙන්න ඇති.

අයිය මල් වට්ටිය අරං ගිහින් සාලෙ තියල තිබුනු මේසෙ උඩින් තිව්වා. ටික වෙලාවකින් අයියගෙ යාලුවො කීප දෙනෙක් එද්දි එයා ඒ කට්ටියත් එක්ක කතාවට වැටුනා.

මම මෙහෙට ආපු වෙලාවෙ ඉඳලා මේ බකුස්සා ලඟ ඉද්දි කිසිම බෝරින් ගතියක් නොදැනුනු එක පුදුමයි. එයා කතා කරන්නෙත් වචන දෙක තුනයි. හැබැයි අනේ මන්දා. කියන්න තේරෙන්නැති හුරු පුරුදු බවක් මට එයා ලඟ ඉද්දි දැනෙන්නේ. ආරක්ශාකාරී බවකුත් එක්කම.

අයාන් අයියත් එක්ක ආපු සයාශ් මාත් එක්ක කතාවට වැටුනම මට ආපහු අයිය දිහා බලන්න වෙලාවක් තිබ්බෙ නෑ. සයාශුත් මේ ගෙදර අයව හොඳට අඳුරනවා. ආන්ටි එක්කත් විහිලුවක් කරගෙන ඉතුරු දේවල් රෙඩි කරලා ඉවර වෙද්දි හාමුදුරුවරු වඩින වෙලාවත් ආවා...

ගේට්ටුව ඉස්සරහා නැවතුනු KDH තුනකින් හාමුදුරුවරු ටික බහිද්දි ගේට්ටුව ලඟ ඉඳන් ගෙදර දොර ලඟට යනකන්ම දිගට සුදු පාට පාවඩ එලුවෙ අයියගෙ යාලුවො තුන් දෙනෙක්. ගෙට ගොඩ වෙන තැනදි අයියයි අංකලුයි දෙන්නා හාමුදුරුවරුන්ගේ කකුල් සෝදලා පිහිදැම්මා.

වයසක හාමුදුරු නමකුත් , තව තරුන හාමුදුරුවරු පස් නමකුත් ඇරුනම අනිත් හැම හාමුදුරුනමක්ම පෙනුමෙනුත් හරිම පොඩියි. පොඩිම හාමුදුරු නමට වයස අවුරුදු පහක් විතර ඇති.

හයිසින්ත් මල් 💜Where stories live. Discover now